එච්.අයි.වී. ආසාදිතයන් 1100ක් රට පුරා

එච්.අයි.වී. ආසාදිතයන් 1100ක් රට පුරා

- වෛද්‍ය නිමල් එදිරිසිංහ

රට පුරා එච්.අයි.වී.ආසාදිතයන් 1100ක් වන බවත් ඔවුන්ගෙන් 42%ක්ම ස්තී‍්‍රන් බවත්, 70% ක් ම ආසාදිතයන් බවට පත්ව ඇත්තේ තම සැමියන් හරහා බව ලිංගාශි‍්‍රත රෝග /ඒඩ්ස් රෝග මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පැවැසී ය.

ඒ මහතා එසේ පැවැසුවේ පෙරේදා (11) සබරගමුව පළාත් ශ‍්‍රවණාගාරයේ දී පැවැති වැඩමුළුවකදී ය.

දැනටමත් ඒඩ්ස් රෝගීන් 293 ක් ඇති අතර මියගිය සංඛ්‍යාව 189 ක් බව අනාවරණය විය. ගෝලීය අරමුදල මගින් මුල්‍ය ආධාර සපයන ලිංගාශි‍්‍රත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් හඳුන්වා දී ඇත.

මේ සඳහා අවශ්‍ය සම්පත් දායකයන් ලෙස ගුරු මහත්ම මහත්මීන් 600 දෙනෙක් තෝරා ගැනේ. ප‍්‍රථම වැඩමුළුව සබරගමුව පළාතේ ආරම්භය විය. දින තුනක කාලයක් එය පැවැත් වේ.

දැනටමත් දිවයිනේ දිස්ති‍්‍රක්ක 10 ක් මේ සඳහා තෝරාගෙන ඇත. සබරගමුව පළාතෙන් තරම් අනෙක් පළාත් වලින් යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැති බවත් පළාතේ සෑම පාසලකම වැඩ සටහන කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් නිමල් එදිරිසිංහ මහතා කීය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, ලිංගාශි‍්‍රත රෝග ඒඩ්ස් මර්දන වැඩ සටහනේ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා