කොරියා නාවික හමුදාවේ නැවක් කොළඹ එයි

කොරියා නාවික හමුදාවේ නැවක් කොළඹ එයි

කොරියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් හා සැපයුම් නෞකාවක් මේ 15දා මෙරටට පැමිණීමට නියමිතය.

රියර් අද්මිරාල් ඩොංග් ක්‍යුන් කීම් මහතා ගේ අධීක්ෂණය යටතේ මේ නෞකාව රටවල් 09ක සංචාරයක් සඳහා පැමිණෙන අතර එය ඉකුත් 27 දා කොරියාවේ පින්ගේ නගරයෙන් පිටත් වූ බව කොරියානු තානාපති කාර්යාලය පවසයි.

නිලධාරීන් හා නැවියන් 630 දෙනෙකුගෙන් සමන්විතව පැමිණෙන පිරිස දින 3ක් මෙහි රැඳී සිටිති.

ඒ කාලයේදී ආරක්ෂක ලේකම් නාවික හමුදාපති බස්නාහිර නාවික ආඥාපති ඇතුළු ආරක්ෂක නිලධාරීන් මෙන්ම ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ද ඉහළ නිලධාරීන් හමුවීමට නියමිතය. කොරියන් නැවියන් මෙරට දී සුහද පාපන්දු තරගයකටද සහභාගි වේ.

උතුරේ මුදාගත් ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා පරිගණක කට්ටල 50 ක්ද තවත් වටිනා ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුකෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා