උතුරේ අක්කර 25000ක කජු වගාවක්

උතුරේ අක්කර 25000ක කජු වගාවක්

උතුරු පළාතේ අක්කර 25000ක කජු වගා කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව අතිරේක වැවිලි භෝග සංවර්ධන ඇමැති ධර්මදාස බණ්ඩා මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා නාවික හමුදාව සමඟ එක්ව මේ වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කෙරෙන අතර, ත‍්‍රස්තවාදයෙන් විනාශ වූ රට ගොඩනැගීම සඳහා උතුරු වසන්තය වැඩ සටහනට සමගාමීව මේ කජු වගාව සිදු කරන බවද හෙතෙම කීය.

ජු පිරිසැකසුම් කර්මාන්තශාලා ඉදිකර කජු වල තත්ත්වය උසස් කොට කජු අපනයන කිරීමට ද ඒ තුළින් විදේශ විනිමය ලබා ගැනීමට හැකිවන බවද හෙතෙම පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා