රට දිනවූ, හදන නායකත්වය

රට දිනවූ, හදන නායකත්වය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය හා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 නොවැම්බරයේ දී බලයට පත් වන විට එතුමා භාරගත් මෙන්ම රට හමුවේ තිබූ ප්‍රධානම අභියෝගය වූයේ ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමයි. දශක තුනක් තිස්සේ රටත්, ජනතාවත් පීඩාවට පත් කළ, රටේ ආර්ථිකය බිඳ දැමූ , සංවර්ධනය අඩාල කළ එල්. ටී. ටී. ඊ යේ රුදුරු ත්‍රස්තවාදය මුළුමනින් පරාජය කරමින් රට එක්සේසත් කිරීමට එතුමාගේ් එඩිතර නායකත්වයට හැකිවිය.

සිය පාලනයේ වසර 3 1/2ක් ගතවන තැන තමන් හමුවේ තිබූ මහා අභියෝගය ජය ගැනීම මගින් එතුමා ප්‍රායෝගිකවම පෙන්නුම් කළේ රට ඉදිරියේ ඇති සෙසු අභියෝග ජය ගැනීම කෙරෙහිද තමන්තුල ඇති හැකියාවයි.

බලයට පත්ව වසර හතරක් සම්පූර්ණ වන තැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැන් භාරගෙන ඇත්තේ ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට යළි ගොඩනැඟීමේ අභියෝගයයි.

එතුමා බලයට පත්වීමෙන් පසු උදා වූ ජයග්‍රාහීම වර්ෂය 2009 වන්නා සේම අභියෝගාත්මක වර්ෂයද එය ලෙස සැලකිය හැකියි. ඒ රට තුළ භයානක ත්‍රස්තවාදය කට මුහුණ දෙන අතර ගෝලීය ආර්ථික අර්බුදය ,ලෝක ආහාර අර්බුදය, ලෝක බලශක්ති අර්බුදය ආදී දැවැන්ත අභියෝග කිහිපයකටම විවිධ ප්‍රමාණයන්ගෙන් මුහුණ දීමට සිදු වූ බැවිනි.

ත්‍රස්තවාදය යුදමය ක්‍රියාදාමයක් ඔස්සේ පරාජය කරමින් ලෝකයට ආදර්ශයක් දෙන අතරම සෙසු අර්බුදයන් ද සාර්ථක ලෙස කළමනාකරණය කරන්නට එතුමාට හැකිවිනි. එම සාර්ථකත්වය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් පසු අප හමුවේ ආර්ථික යුද්ධය දිනා ගැනීම කෙරෙහි විශාල ලෙස වාසි දායක වේ.

රට තුළ ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වී ඇති පුනරුදයෙන් පෙනෙන්නේ මේ කාරණයේ දී නිවැරැදි හා ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගැනීමට ජනාධිපතිතුමා සමත් වී ඇති බවයි. උද්ධමනය, විරැකියාව ආදිය වේගයෙන් පහත බැස ඇති අතර මේ වන විට ශශ්‍රී ලංකාව මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල් අතරට එක්ව සිටී.

ජනාධිපතිතුමා ලිබියානු ජනාධිපති මුඛර්ජි ගඩාපි සමග...

ත්‍රස්තවාදයට මුහුණ දුන් සෙසු ආණ්ඩු වලින් වෙනස්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුම පෙරට ගෙන යන අතරම රටේ සංවර්ධන ක්‍රියාදාමයද ඉදිරියට ගෙන යන ලදී.

යටිතල පහසුකම් නංවාලීමත්, දැවැන්ත සංවර්ධන ක්‍රියාවලීන් දියත් කිරීමත් යුද වියදම් පිළිබඳ කාරණය හෝ ත්‍රස්තවාදයක් පැවැතීම පෙරට දමමින් නතර කළේ නැත. දශක ගණනාවක්තිස්සේ සිහිනයක්ව පැවැති හම්බන්තොට වරාය යථාර්ථයක් බවට පත් වෙමින් ඇත. එය රටේ අසහනයට අලුත් පරිච්ඡේදයක් එක් කරනු නොඅනුමානය. රටේ සෙසු ප්‍රධාන වරායන් ද තවදුරටත් පුළුල් වෙමින් පවතී.

බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් පනිමින් ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ , කෙරවළපිටිය වැනි ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍ර‍්‍රියාවට නැංවී ඇත. මෙතෙක් කලක් අප විදුලි බල අංශයේ දී සිටියේ ඉල්ලුමට පසු පසිනි. එය රටේ ආයෝජන ක්ෂේත්‍රය කෙරෙහි ද සීමාකාරී ලෙස බලපෑ කාරණයක් විණි. නමුත්, මෙම ව්‍යාපෘතීන් සම්පූර්ණ වන විට වසර 2010 - 2011 වන විට රටේ විදුලි බල අවශ්‍යතාව විශාල ප්‍රමාණයකට සපුරාලන්නට හැකි වෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ මුල් වසර හතර තුළ මේ ක්ෂේත්‍රයන් සඳහා කරන ලද අයෝජනයන්ගේ් ප්‍රතිඵල එතුමාගේ ඊළඟ පාලන අදියර තුළ දැක ගත හැකි වනු ඇත. සංවර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක් වන විදුලි බල ක්ෂේත්‍රය වසර 20ක් තුළ ළඟා නොවූ ඉලක්කයන්ට පසුගිය වසර හතර තුළ කරන ලද ආයෝජන නිසා ළඟා වීමට පුලුවන්.

මේ සමඟම උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය, මොරගහකන්ද යෝජනා ක්‍රමය වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ද ඉදිරියට යමින් ඇත. වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට හැකි වීම ද ජනාධිපතිතුමාගේ් පළමු සිව් වසර තුළ ලැබූ තවත් ජයග්‍රහණයකි’

යටිතල පහසුකම් නංවාලීමට අදාළව රටේ මාර්ග පද්ධතිය ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ අන්දමේ විශාල දියුණුවකට ලක් වී ඇත. දියුණු මාර්ග පද්ධතියක් යනු රටක් සංවර්ධනය කිරීම පිළිබඳ කාරණයේ දි අත්‍යවශ්‍යම සාධකයකි. පුහු විවේචන ඉදිරිපත් කරමින් සිටින අය රටේ දකුණට, නැඟෙනහිරට, කඳුකරයට , උතුරු මැදට, උතුරට ආදී කවර පළාතකට ගියද කොයිතරම් පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග පහසුකම් සැළසී තිබේදැයි දෑසින්ම දැක ගත හැකිය.

රටේ ප්‍රධාන මාර්ග පද්ධතිය ශීඝ්‍ර දියුණුවක් ලබන අතර සෑම ගමකම මෙන් ග්‍රාමීය මාර්ග පද්ධතියද විශාල ලෙස දියුණු වී ඇත. ඒ බව ඕනෑම ගමකදී කොන්ක්‍රීට් යෙදු එක් පාරක් හෝ දකින්නට හැකි වීමෙන් ම පැහැදිළි වෙයි.

මේවා වෙනුවෙන් කරන ලද ආයෝජනයන්ගේ ප්‍රතිඵළළ දැන් දකින්නට තිබීම සතුටට කාරණයකි. රෝපණය කරන ලද ගස් ඵල දරමින් ඇත. එක්වරම වනාන්තරයක් මල ඵල වලින් පිරී ගියේ යැයි නොකීවද පළමු අස්වැන්න නෙලා ගැනීමට දැන් රටට හැකි වී තිබේ. ලබන වසරේ සිට එය ක්‍රමයෙන් ඉහළ නඟිනු ඇත. යුද්ධය අවසන් වීමත් සමඟ ඉන් පෙර ලංකාව පිළිබඳ අයෝජන මධ්‍යස්ථානයක් හා සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ලෝකය, තුළ තිබූ ආකල්ප දැන් වෙනස් වී තිබේ.

ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමදිමින්...

කොළඹ ඇති ප්‍රධාන හෝටල් පිරෙන්නේ හෝ හිස් වන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනය අනුවයි. මේ ව්‍යාපාරික හෝටල් දැන් අයෝජකයන්ගෙන් සංචාරකයන්ගෙන් පිරී යමින් පවතී.

දීර්ඝ කාලයකට පසු ඒවා විශාල ලෙස ආදායම් ලබමින් ඇත. සංචාරකයන් රටට ආ මොහොත් පටන් ඔවුන් හොඳින් රැක බලා ගෙන උපරිමයෙන් සංග්‍රහ කිරීම අපගේ් යුතුකමකි.

මේ ක්ෂේත්‍ර ඉදිරිය ඒ වැනි කාරණා මත රඳා පවතී. දැන් මේවාට ආරම්භයක් ලැබි ඇත. රටෙන් පිටට ඇදී ගිය අයෝජකයන් දැන් යළිත් තම මුදල් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආයෝජනය කරමින් තිබීම බෙහෙවින් සුබදායකය. මෙසියල්ලට බලපා ඇති ප්‍රධාන සාධයක් නම් රටේ පිළිගත හැකි නායකත්වයක් තිබීමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා විවිධ කොටස් ඒකරාශී වෙමින් ඇති අයුරු දැකිය හැකියි.

මෙම භේදකාරී දේශපාලන පරිසරය තුළ කේ. එන්. චොක්සි මහතා පසුගියදා අගනා අදහස් දැක් වීමක් කර තිබිණි. එතුමා කීවේ, ජනාධිපතිතුමා ඉතා දක්ෂ ලෙස යුද්ධය අවසන් කළ බව සහ දැන් එතුමාගේ කාර්යභාරය විසිරී පැතිරී සිටින විවිධ කොටස් එක්කාසු කිරීම බවයි. ජාති, කුල, ආගම්, දේශපාලන - ප්‍රාදේශීය ආදී කිසිදු භේදයකින් තොරව විවිධ සමාජ කොටසක් ඒකරාශි කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. දේශපාලන භේද - වෙනස්කම් පසෙක තබමින් එය කාටත් පිළිගැනීමට සිදුවේ.

මුළු රටම එක්කාසු කිරීමට එතුමාට ඇති හැකියාව හා පෞරුෂය පිළිබඳ කාටත් වාද - විවාද කළ නොහැක. ජනාධිපතිතුමාට ගෞරවයක් ලෙස මේ බවද සඳහන් කළ යුතුය. එනම් , යුද්ධය ජයග්‍රහණය කළ මොහොතේ පටන් එතුමා ප්‍රයන්ත දරමින් සිටින්නේ, සෑම සියලු දෙනෙක්ම ඒකරාශි කිරීමටයි. එහි දී කිසිදු ජනවර්ගයක් එතුමා බැහැර කළේ නැත. විවිධ දේශපාලන පක්ෂ වල පවා රටට ආදරය කරන පිරිස ආණ්ඩුව සමඟ සිටින්නේ එතුමාගේ එම හැකියාව පිළිබඳ අවබෝධයෙන් යුතුවයි.

ශ්‍රී ලංකා පාකිස්තාන සුහදත්වය දිගටම...

ඉදිරි ජනාධිපතිවරණය ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනු නියතය.

ඉන්පසු සිය පළමු ධූර කාලය තුළ යුද්ධය ජයග්‍රාහීව අවසන් කළාක් මෙන් ඉදිරි කාලයේ දී මේ බිඳුන දේශය යා කිරීමට එතුමා සමත් වනු නිසැකය. ඒ හැකියාව ඇති එකම නායකයා ද ඔහුය. එහිදී බලපාන තවත් ප්‍රධාන කාරණයක් නම් බහුතරයේ විශ්වාසය නැති අයෙකුට රට එකතු කිරීම කළ නොහැකි බවයි.

සෙසුජාතිකයන් ද මේ කාර්යයට ඒකාරාශී කර ගැනීමේ ශක්තිය ඇත්තේ බහුතරයේ විශ්වාසය දිනාගත හැකි නායකත්වයකට පමණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එකී ශක්තිය ඉහළින්ම තිබේ. කාරණය බොහෝ දෙනෙකු අමතක කරන බව පෙනෙන්නට ඇත. ජනාධිපතිතුමා පිළිබඳ සිංහල ඡන්ද දායකයන් කිසිසේත් සැකයක් ඇති කර නොගනී.

ඔහු රට පාවා නොදෙන බව ඔවුන් හොඳාකාර දන්නා බැවිනි. මේ නිසා සමස්ත ජනතාව වෙනුවෙන්ම යම් යම් තීරණ ගැනීමට මෙන්ම ඔවුන්ට යම් යම් සහන ලබා දීමටත් එතුමාට හැකිය,මානුෂීය අත දිගු කිරීම් කළ හැකිය. ජනාධිපතිතුමා උතුර - නැඟෙනහිර ප්‍රදේශවල කරන සංචාර වලදී එම ජනතාවගෙන් එතුමාට ලැබෙන ඉහළ ප්‍රතිචාරය ද මේ කාරණයට හොඳ නිදසුනකි. සියලුම ආගමික නායකයන් එතුමාට ආශීර්වාද කරමින් මේ ගමනේ දි එතුමා සමඟ සිටින්නාහ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇති, මානව හිමිකම් පසුබිම , වාමාංශික පසුබිම, වෘත්තීය සමිති පසුබිම, ශ්‍රීලනිප පසුබිම ආදී මේ හැම දේම සමඟ බලන විට සිංහල - බෞද්ධ පදනමක් ඇතිව සියලු දෙනාට සාධාරණය ඉටු කළ හැකි නායකයකු ලෙස ඔහු හඳුනාගත හැකිය. කාගේත් සුරතලා වීමෙන් එය කළ නොහැකිය. එවිට සිංහල - බෞද්ධ බහුතරය තුළ විශාල සැකයක් ඇති වන බැවිනි.

තමන් පාවා දේ යැයි, තමන්ට පිහියෙන් අනී යයි ඔවුන් තුළ විශාල සැකයක් ඇති වීම ඊට හේතුවෙයි. ජනතාවගේ අයිතිවාසිකම් එවැන්නකු අත සුරක්ෂිත ද යන ප්‍රශ්නයට සිංහල - බෞද්ධ ජනතාව ලබා දෙන පිළිතුරු ‘නැත’ යන්නයි. එම පිළිතුර ‘ඔව්’ වී නම් විපක්ෂ නායකයාට මින් පෙර ඡන්ද ජය ගැනීමට හැකි විය යුතුය. ඊට ප්‍රධාන හේතුව මේ රටේ බහුතරය තුළ විපක්ෂ නායකයා කෙරෙහි විශ්වාසයක් නොතිබීමය. පුද්ගලික විවේචන සිදු කිරීම අනවශ්‍යය. යථාර්ථය එයයි. තමන් කෙරෙහි මේ විශ්වාසය නැති බව දන්නා නිසා එය වසා ගැනීමට ඔහු විවිධ ප්‍රයත්න දරමින් සිටී.

නමුත්, ලෝක දේශපාලනය තුල සෙසු අය සමග ගනු - දෙනු කළ හැක්කේ තමාගේ බල පදනම තුළ ශක්තියක් ඇති නායකත්වයන් ට පමණි. රිචඩ් නික්සන් දකුණෙන් ආ නිසා ඔහුට චිනයත් සමඟ සාකච්ඡා කළ හැකි විය.

බැරැක් ඔබාමා කලු ජාතිකයකු නිසා යුදෙව් ආගම අදහන්නන් වෙනුවෙන් ඔහුට යමක් කළ හැකිය. මේවායින් පෙනෙන්නේ එක් පදනමක හොඳාකාර ස්ථාවර වන විට සෙසු අයට හොඳින් සහන සැළසිය හැකි බවයි.

මෙවැනි ලක්ෂණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ශක්තිමත් නායකත්වය තුළින් ඉහළින්ම පිළිබිඹු වෙයි. ඒ ශක්තියෙන් වඩාත් පන්නරය ලබමින් එතුමා ඉදිරි දශකය තුළ අපේ රට විජයග්‍රහණය කරා මෙහෙයවනු නිසැකය.


සබැඳි පුවත්