සැරද නිරිඳ

සැරද නිරිඳ


දෙරණ සිව්දිග දනෝ පිං දෙන
මහා ඔද තෙද බලවිකුම්
අප මහා නිරිඳුන්
රකිනු මැන මේ බිමේ පිං ගෙන
කෝටියක් තිස්තුන් දෙවිඳුන්
චිරං ජීවතු වාසනාවන්

බුදුන් අටවිසි සිරිපතුල් සිඹ
දහස් ජන සේනා ගිගුම් දෙන
සාදුකාරය අසනු මැනවි
සියලු පිංපෙත් ලබනු මැනවි
හිමියනේ ජය සිරිමහා
හිමියනේ සිරි දන්තදා
අපේ ආයුෂත් ලැබේවා
ජනපතිඳු ඔබ දිනේවා

වැදූ මව මෙන් සිතා රට දැය
ඉටුකළා ඒ පරම යුතුකම
දැන් ඉතිං රට හදමු එක්වී
භේද දුරලා මිනිසුනේ
සතර දිග ජය නද ඇසේ
සතර දිග සිහ දද නැඟේ
අපේ ආයුෂත් ලැබේවා
ජනපතිඳු ඔබ දිනේවා

පද රචනය - සමන් දිසානායක
සංගීතය – කරුණාරත්න විජේවර්ධන
ගායනය- සේනානායක වේරලියද්ද

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්