ගණිකා නිවෙස් දෙකක් වටලා තරුණියෝ 11ක් අත්අඩංගුවට

ගණිකා නිවෙස් දෙකක් වටලා තරුණියෝ 11ක් අත්අඩංගුවට

එක් නිවෙසක අයිතිකරු හිටපු පොලිස් නිලධාරියෙක්

හිටපු පොලිස් නිලධාරියෙක් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඇතුළු ගණිකා නිවාස දෙකක් වටලා තරුණියන් එකොළොස් දෙනකු සහ පිරිමින් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව, දුම්මලදෙනිය සහ දංකොටුව ප්‍රදේශවල ඉතා රහසිගතව මේ ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.

වලාන දූෂණ මර්දන ඒකකය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව මේ ගණිකා නිවාස දෙක පරික්‍ෂාවට ලක්කර තිබේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 20 සිට 35 දක්වා වයස් කාණ්ඩවල පසුවන බව පොලිසිය කියයි. එක් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පොලිස් නිලධාරියා සේවයෙන් ඉවත් කරන ලද අයෙක් බව පැවසේ.  වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ජනක කුමාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් වැටලීම් සිදු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා