තලවිල මංගල්‍යයට විශේෂ දුම්රිය

තලවිල මංගල්‍යයට විශේෂ දුම්රිය

තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ඒ අනුව මාර්තු 12, 13, 14, දිනවල පෙ. ව. 9.30 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ප. ව. 1.02 ට පාලවි දක්වාත්, මාර්තු 12, 13 ප. ව. 1.10 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ප.ව. 5.05 ට පුත්තලම දක්වාත්, මාර්තු 12, 13, 14 පෙ. ව. 10.45 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ප. ව. 12.30 ට හලාවත දක්වාත්, මාර්තු 12 ප. ව. 2.35 ට මොරටුවෙන් ආරම්භ වන දුම්රිය ප. ව. 07.07 ට පුත්තලම දක්වාත් මාර්තු 12, 13 ප. ව. 3.40 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන දුම්රිය ප. ව. 7.35 ට පාලව් දක්වාත්, මාර්තු 12, 13, 14 ප. ව. 2.55 ට පාලවි වලින් ආරම්භ වන දුම්රිය ප. ව. 4.04 ට දම්පේ දක්වාත්, මාර්තු 13 ප. ව. 4.30 ට පුත්තලමෙන් ආරම්භ වන දුම්රිය රාත්‍රි 8.50 ට මොරටුව දක්වාත්, මාර්තු 12, 13 ප. ව. 7.50 ට පාලවි වලින් ආරම්භ වන දුම්රිය ප. ව. 7.50 ට හලාවත දක්වාත් ධාවනය කෙරේ. මාර්තු 12, 13 දෙදින තුළ නුර්නගර් හලාවත අතර රේල් බස් රථ ධාවනය නොවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා