සරසවි ඇඳුරන්ගේ වැටුප් ඉහළට

සරසවි ඇඳුරන්ගේ වැටුප් ඉහළට

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ අධ්‍යයන හා පර්යේෂණ දීමනාව ලබන මාසයේ සිට ගෙවීමට රජය තීරණය කර තිබේ. මේ දීමනාව වශයෙන් සියයට 25ක වැටුප් වැඩිවීමක් පසුගිය අයවැයෙන් ලබාදීමට රජය පොරොන්දු විය.ලබන මාසයේ සිට ගෙවන මේ වැටුප් වැඩිවීමට අදාළ චක්‍රලේඛය ඊයේ (08) නිකුත් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ අර්ථසාධක අරමුදලෙන් කොටස් වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 20 ක ණය මුදලක් ලබා දෙන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය.

මීට අමතරව අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අර්ථ සාධක අරමුදලෙන් රුපියල් ලක්ෂ 10 ක ණය මුදලක් ලබා ගැනීමට ඉඩ සැලසේ. බාහිර උපාධි පාඨමාලා ප්‍රතිසංවිධාන කටයුතු නතර කර මේ වසරේ පමණක් බඳවා ගැනීම් කිරීමට ඉඩ දෙන ලෙස කථිකාචාර්යවරුන්ගේ සංගමය තමන්ගෙන් ඉල්ලීමක් කළ බව කී ඇමැතිවරයා එම ඉල්ලීමට අනුව බාහිර උපාධි ප්‍රතිසංවිධානය මේ වසරේදී පමණක් නවතා දමන බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා