ව්‍යාජ හැඳුනුම් පතක සිටි ගුරුදරන් කටුනායක දී අත්අඩංගුවට

ආරක්ෂක ලේකම් ඝාතන තැත

ව්‍යාජ හැඳුනුම් පතක සිටි ගුරුදරන් කටුනායක දී අත්අඩංගුවට

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන පිත්තල හන්දියේදී බෝම්බය පිපිරවූ මරාගෙන මැරෙන කොටි සාමාජිකයාගේ මෘතදේහය අසල තිබූ ව්‍යාජ ලෙස සකස් කරන ලද හැඳුනුම්පත් දාහතෙන් එක් හැඳුනුම්පතක තිබූ ඡායාරූපය තවරාස ගුරුදරන් නමැති සැකකරුගේ බවත් ඔහු නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් රහස් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරු රහස් පොලිසිය මගින් ඊයේ (08) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාවින්ද පැස්කුවල් මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් සිද්ධිය වන අවස්ථාවේ සැකකරු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් ඔහු නොබෝදා ලංකාවට පැමිණ ඇත්තේ දැනට ඉන්දියාවේ ඇති ඔහුගේ මවගේ මෘතශරීරය පිළිබඳ ආදාහන කටයුතු සඳහා සහභාගි වීමට වීසා ලබා ගැනීම සඳහා බවත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා