මීගමු කළපුවට ගුවන් යානා ගොඩ බාන්නේ නැහැ

මීගමු කළපුවට ගුවන් යානා ගොඩ බාන්නේ නැහැ

- ඇමැති රාජිත සේනාරත්න

මීගමු කළපුවේ මුහුදු ගුවන් යානා බැස්සවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (8) අවධාරණය කෙළේ ය. ධීවර ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර යෝජිත ව්‍යාපෘතිය ඉවත්කර ගත් හෙයින් එවැන්නක් ක්‍රියාත්මක නොවන බවද ඇමැතිවරයා කීවේ ය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කතාවේ දී ය. “ක්‍රියාත්මක නොවන ව්‍යාපෘතියක් ගැන විවාද කිරීම කාලය කා දැමීමක්. මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලනවා” යැයි ද ඇමැතිවරයා කීවේ ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා යෝජනාව ස්ථිර කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා