කොස්තාපල්ට පහර දුන් ගායකයා නිදහස් කළාට අප්‍රසාදය

කොස්තාපල්ට පහර දුන් ගායකයා නිදහස් කළාට අප්‍රසාදය

අධික ලෙස මත්පැන් පානය කර සිටි ප්‍රසිද්ධ ගායකයකු විසින් දෙහිවල මංසන්ධියේදී පොලිස් නිලධාරියකුට පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට රැගෙන විත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඉහළින් ලැබුණු නියෝග මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් පොඩ්ඩන් දැඩි අප්‍රසාදය පළ කරති.

සවස 4 ට පමණ ප්‍රසිද්ධ ස්ථානයක දෙනෝදාහක් ඉදිරිපිටදී සිදු කළ මෙම පහර දීම නිසා පහර කෑමට ලක්වූ එම නිලධාරියාගේ ආත්ම ගෞරවයට සිදුවූ හානියට කිසිදු සාධාරණ පරීක්‍ෂණයක් නොපවත්වා එම ප්‍රසිද්ධ ගායකයා පොලිස් ඉහළ නිලධාරීන් විසින් මුදා හැරීම දැඩි ලෙස හෙලාදකින බව ද එම පොලිස් නිලධාරීන් කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා