ජන සෙවණ යටතේ සෑම ප්‍රා. ලේකම් කොට්ඨාසයකටම නිවාස ව්‍යාපෘතිය බැගින්

ජන සෙවණ යටතේ සෑම ප්‍රා. ලේකම් කොට්ඨාසයකටම නිවාස ව්‍යාපෘතිය බැගින්

ජන සෙවණ නිවාස දශ ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් නිවාස ව්‍යාපෘතිය බැගින් ආරම්භ කිරීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය කටයුතු කරයි. ඒ අනුව නිවාස ඉදිකළ හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 286ක් හඳුනාගෙන ඇති අතර එහි නිවාස දහදහස් අසූ පහක් (10,085) ක් ඉදි කළ හැකි බව ඉදිකිරීම්, ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

අදාළ ව්‍යාපෘති මෙම මස ආරම්භ කරන අතර 2011 වසර අවසන් වීමට ප්‍රථම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ද සැලැසුම් කර තිබේ. නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියා කිරීම, වැඩි දියුණු කිරීම යනාදී කාරණා ව්‍යාපෘතිය හරහා ඉටු වේ.  රාජ්‍ය සේවකයන්ට සෙවණ උපහාර වැඩසටහන යටතේ ණය ලබා දීමටත්, සෙසු ආදායම්ලාභී ජනතාවට ජනසෙවණ විසිරී සහ ව්‍යාපෘති ණය ලබා දීමත් ඉතාම දුගී ජනතාවට ජන සෙවණ ආධාර ලබාදීමත් සිදු කෙරේ. සෑම නිවාස ලාභියෙකුටම රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා ආධාර යටතේ ණය ලබා දෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා