පොහොර මිටි 100ක් පිල්ලි ගැසූ පොලිස් නිලධාරියා ඇතුළු 5ක් දැලේ

පොහොර මිටි 100ක් පිල්ලි ගැසූ පොලිස් නිලධාරියා ඇතුළු 5ක් දැලේ

අරලගංවිල ප්‍රදේශයේ ගොවීන්ට පොහොර සහනාධාරය යටතේ බෙදා හැරීමට තිබූ පොහොර මිටි සියයක තොගයක් හොර රහසේ අලෙවි කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට රැගෙන යමින් සිටි පොලිස් නිලධරයකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (8) අලුයම වලපනේ කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී වලපනේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝ 50 බැගින් වූ පොහොර මිටි සියයක් ලොරි රථ දෙකකින් රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොහොර සහනාධාර යටතේ බෙදා හැරීමට තිබූ යූරියා ඇතුළු පොහොර වර්ග තුනක මිටි සියයක් මේ පොහොර තොගයේ අඩංගුය. රුපියල් ලක්ෂ දෙකකට අධික පොහොර තොගයක් මෙලෙස සොයාගෙන ඇති අතර සැකකරුවා ජාවාරමක් ලෙස මෙය ඉතා දිගු කලක තිස්සේ සිට කැරගෙන යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුත් පොලිස් නිලධාරියකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි.  නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට වලපනේ සහකාර පොලිස් අධිකාරී ධම්මික වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත වලපනේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක සී. ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා