අපරික්ෂාකාරීව රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් කළාට ලක්ෂ තුනක දඩයක් හා වසර දෙකක සිරදඬුවමක්

අපරික්ෂාකාරීව රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් කළාට
ලක්ෂ තුනක දඩයක් හා වසර දෙකක සිරදඬුවමක්

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා මානුෂ්‍ය ඝාතනයක් සිදුකළේ යැයි අධිකරණය හමුවේ වරද පිළිගත් රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා විසින් රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ඊයේ (08) නියම විය. බරපතළ වැඩ සහිත අවුරුදු දෙකක සිර දඬුවමක්ද විත්තිකරුට නියම වූ අතර දඬුවම අවුරුදු දහයකට අත් හිටැවිණි. මෙසේ දඬුවම් ලැබුවේ මෝටර් රථ කුලියට ලබාදෙන ආයතනයක රියදුරෙකුª වූ හතලිස් හැවිරිදි පී. එම්. චමින්ද සුරේෂ් යන අයයි.

2007 ජනවාරි 14 දා තලවතුගොඩදී මොන්ටීරෝ වර්ගයේ ජීප් රථයක් අපරික්ෂාකාරීව, අධික වේගයෙන් නිසි අයුරින් සෝදිසිමත් නොවී පැදවමින් කත්‍රිආරච්චිගේ ඩේවිඩ් යන අයගේ මරණය සිදුකරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ඉදිරිපත් කර තිබිණි. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක මුරකරුවෙකු ලෙස සේවය කළ හැටපස් වියැති පුද්ගලයෙකි. විත්තිකරුට නියම වූ දඩ මුදල නොගෙව්වොත් බරවැඩ සහිත අවුරුදු දෙකක සිරි දඬුවමක් ද නියම වූ අතර දඩ මුදල ගෙවීම සඳහා කල් ලැබිණි. රජයේ අධිනීතිඥ ඉන්දිකා නෙලුම්මිණි මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා