නවක වදයෙන් රෝගී වූ සිසුවෙක් බලංගොඩ රෝහලේ

නවක වදයෙන් රෝගී වූ සිසුවෙක් බලංගොඩ රෝහලේ

නවක වදය ලබාදීම නිසා බරපතළ ලෙස රෝගාතුර වූ සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාල නිලධාරීන්ගේ අධීක්‍ෂණය මත බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ සිසුවා කාමරයක සිර කර ඇඳුම් ගලවා අමානුෂික ලෙස නවක වදය ලබා දී ඇතැයි තොරතුරු ලැබී ඇත. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා කිසිවක් කතා කර ගැනීමට නොහැකිව බියෙන් හා දැඩි කම්පනයෙන් පසුවන බව ද වාර්තා වෙයි.  බරපතළ ලෙස රෝගාතුරු වීමට පෙර තමාට නවක වදය ලබා දුන් ශිෂ්‍යයන් කිහිප දෙනකුගේ නම් එළි කර තිබෙන අතර මේ වන විට එම නම් රහස් පොලිසියට ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මේ සිසුවා ගැන ඉකුත් 6 වැනිදා උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාට දැන ගන්නට ලැබී ඇති අතර ඇමැතිවරයාගේ උපදෙස් පරිදි විශ්වවිද්‍යාලයේ පිරිසක් සිසුවාගේ නිවසට ගොස් බලංගොඩ රෝහලට ගෙනැවිත් නේවාසික ප්‍රතිකාර සඳහා නවතා ඇත. උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානාත්මක නවක වදයේ කතාවක් බවයි. මේ සිද්ධියට සම්බන්ධ සිසුන්ට විරුද්ධව විශ්වවිද්‍යාල මට්ටමින් ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කීීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා