සීවලී ඉලංගසිංහ ගේ රූපාවලී 18දක්වා ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී

සීවලී ඉලංගසිංහ ගේ රූපාවලී 18දක්වා ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී

ප්‍රවීණ චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහගේ චිත්‍ර ප්‍රදර්ශනයක් මෙම මස 18 වෙනි සඳුදා දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී නොමිලේ පැවැත්වේ.

සීවලී ඉලංගසිංහ ගේ චිත්‍රවල නිරූපණය වන ජීවිතය හා පරිසරය, අපට වර්තමාන යථාලෝකයෙහි හමුවන ලොවක් නො වේ. එහි දී අපට හමුවන මිනිස් රූප ද, ගස් වැල් ඇතුඑ සොබා දහම් වස්තූන් ද දෘශ්‍යමානය ඇසුරෙන් පරිකල්පනය කරන ලද යම් අර්ධ ශෛලිගත තත්ත්වයකට නැංවූ ඒවා ය.

ඔහුට ම ආවේණික දිගටි මිනිස් රූපයක් සමඟ, එය මූලික කොට ඔහු ගේ චිත්‍ර සංරචනය වී තිබේ. දීප්තිමත් ප්‍රතිවිරුද්ධ වර්ණ මෙන් ම ඇතැම් විට පොළෝතල වර්ණ තානයන් ද යොදා ගන්නා ආකාරය මඟින් සීවලී තවදුරටත්, ස්වාභාවිකත්වය සමඟ ඇති රූපික සම්බන්ධයෙන් ඈත්වෙමින් වඩා කාල්පනික රූපයක් වෙත සමීප වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා