ශ්‍රී ලංකා-බංග්ලාදේශ 19න් පහළ අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකා-බංග්ලාදේශ 19න් පහළ අවසන් එක්දින තරගය අද

අවුරුදු 19න් පහළ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය අද බංග්ලාදේශයේ ඩකාහී මිර්පුර් ශ්‍රී බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග දෙක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන හෙයින් තරගාවලියේ ජය අත්කර ගැනීමට මේ තරගය කණ්ඩායම් දෙකටම එක‍ලෙස වැදගත් වේ.

පසුගියදා පැවැති සිවුවැනි තරග ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග තරගාවලිය 2-2ක් ලෙස සම විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා