ජිනීවා යෝජනා ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්

ජිනීවා යෝජනා ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්

ඇමැති ‍කෙහෙළිය රඹුක්වැල්ල

මෙරටට එරෙහිව මානව හිමිකම් චෝදනා ගෙන ඒමට උත්සාහ දරන රටවල් එලෙස ක්‍රියාත්මක වන්නේ කරුණු මත පදනම්ව නොවන බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ඔවුන් එදා ක්‍රියාත්මක කළ න්‍යාය පත්‍රයේම කොටසක් ලෙසින් බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

 මෙයට වසර ගණනාවකට පෙර ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙර සිටම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ කොටසක් බවට මෙය පත්ව තිබූ බවද අමාත්‍ය‍වරයා කීය.

ඒ නිසා ජිනීවා මානව හිමිකම් සමුළුවට එම රටවල් කුමන යෝජනා ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවද එය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන න්‍යාය පත්‍රයේම කොටසක් බවද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තරයේ ඇතැම් රටවල් එදා සෑම විටම උත්සාහ දැරුවේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ රූකඩයක් බවට අප රට පත්කිරීම වුවත් එලෙස ඔවුන්ගේ රූකඩයක් නොවී ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අප ක්‍රියා නොකළ නිසා අද පදනම් විරහිත චෝදනා ගෙන ඒමට උත්සාහ දරන බවද අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර බලවේග රටට එ‍රෙහිව ගෙන එන සෑම චෝදනාවක්ම ගෙන එන්නේ ත්‍රස්තවාදය පරාජය කළ නිසා යැයි ද එසේ නොක‍ළේ නම් අද ඔවුනට සිදුවන්නේ මෙරටට සාම සාධක හමුදා එවීමට යැයි ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා