රට පන්නන්න හැදූ විදේශ මුදල් තොගයක් රේගු දැලේ

රට පන්නන්න හැදූ විදේශ මුදල් තොගයක් රේගු දැලේ

සිංගප්පූරුවට ගෙන යාමට තැත් කළ රුපියල් හැටහය ලක්ෂ තිස් අටදහස් දෙසිය විසි දෙකක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් පෙරේදා (29) කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

යෙන් 31000ක් ඩිනාර් 540ක්, රියාල් 18000ක් බන්ඩල් 16ක බහා තම ගමන් බෑගයේ සඟවා රැගෙන යාමට මෙලෙස තැත් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 54හැවිරිදි පුද්ගලයෙකි. නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක, සිසිර පෙරේරා, නිරෝෂා විජේතුංග යන නිලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා