මැතිවරණ නීති අකුරටම; පොලිසිය සීරුවෙන්

මැතිවරණ නීති අකුරටම; පොලිසිය සීරුවෙන්

මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කිරීම සඳහා සෑම මැතිවරණ ‍ෙකාට්ඨාසයකම එක් පොලිස් ඒකකය බැගින් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් දිනයේ පටන් මැතිවරණය අවසන්වී සතියක් ‍ගතවනතුරු මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා නාමයෝජනා භාරදෙන අද දිනයේ සිට මැතිවරණ නීති උල්ලංඝනය වන අයුරින් ප්‍රදර්ශනය කෙරෙන බැනර් කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරීමට පොලිසියේ වෙනමම ඒකකයක් පිහිටුවා ඇති බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා