මැතිවරණයට මුදල් සොයන්න ගම්මන්පිලගෙන් කදිම ක්‍රමයක්

මැතිවරණයට මුදල් සොයන්න ගම්මන්පිලගෙන් කදිම ක්‍රමයක්

දේශපාලඥයන්ට ව්‍යාපාරිකයන්ගේ ගොදුරු බවට පත් නොවී කටයුතු කිරීමට තමා මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී නව වැඩසටහනක් ඉදිරිපත් කරන බව ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් එහි නීති උපදේශක සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

තම මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය වන මුදල් ජනතාවගෙන් ලබා ගන්නා බව ප්‍රකාශ කළ ඒ මහතා සම්පත් බැංකුවේ නගර ශාඛාවේ 0001 5013 2916 උදය ප්‍රභාත් ගම්මන්පිල ගිනුමට රුපියල් 100ක මුදලක් තම දේශපාලන ප්‍රතිපත්ති අගයන ඕනෑම පුද්ගයකුට බැර කළ හැකි බව ද කීය.

දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්ගේ සිරකරුවන් නොවිය යුතු යයි ද ගම්මන්පිල මහතා පැවසීය. ජනතාවගේ සහයෝගයෙන් මැතිවරණ කටයුතු කළ පුද්ගලයකුට වඩාත් ස්වාධීනව රාජකාරි කළ හැකි බව ද ඒ මහතා කීය. ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගෙන දේශපාලනය කරන බවට එල්ල වන චෝදනාවට මේ ක්‍රමය හොඳ පිළිතුරක් යයි ද ඒ මහතා කීය.

උදය ගම්මන්පිල මහතා මේ අදහස් පල කළේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක දී ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා