පාසල් වහනවා කියා ආණ්ඩුවට බැන්නත් අපි වැහිච්ච පාසල් අරිනවා

පාසල් වහනවා කියා ආණ්ඩුවට බැන්නත් අපි වැහිච්ච පාසල් අරිනවා

වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර

දයාසිරි ජයසේකර මහතා මාවතගම වැවගෙදර සිංහාවලෝකන විද්‍යාලයේ ප්‍රාථමික පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කරමින්.

පාසල් වහනවා කියා ආණ්ඩුවට චෝදනා කළත්, අපි වැහිච්ච පාසල් අරිනවා. ජනාධිපතිතුමාගේ ළමා මිතුරු පාසල් වැඩසටහන යටතේ පාසල් 5000ක් තෝරාගෙන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මඟින් ග්‍රාමීය පාසල් ගොඩනංවන්න පුළුන් යැයි වයඹ ප්‍රධාන ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවැසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (28) මාවතගම වැවගෙදර සිංහාවලෝකන විද්‍යාලයේ ප්‍රාථමික පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා ගුරු භවතුන් මව්පියන් ඇතුළු සිසු දරුවන් අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “මම මේ පාසලට පැමිණියේ අහම්බෙන්. වැඩ භාරගෙන ඉස්සරලාම මම මේ ගමේ පාලම හදන්න ආධාර කරන්න ආවා. ඒ ආවාම අපේ පළාත් සභාවේ විමලදාස මැතිතුමයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මැතිතුමයි මට යෝජනා කළා මේ පාසල බලන්න යමු කියලා. මට හරියට දුක හිතුණා. මේ පාසලට ආවාම, ‍ මව්පියෝ ලක්ෂ 10ක් වියදම් කරලා හදපු ටකරං ගොඩනැගිල්ලක් තිබුණේ. පන්ති කාමර 2ක් අඩුයි කීවා. අපි කෙටි කාලයකින් ඒවා හදලා දුන්නා.අද මේ ගොඩනැගිල්ල විවෘත කරන්න එනකොට තවත් දුක්ඛිත තත්ත්වයක් දැක්කා. මේ වගේ ටෙන්ට් රෙදිවලින් හදපුවා 40ක් අපි ගිය අවුරුද්දේ හැදුවා. අද ආයෙමත් එකක් තියනවා. මේ පාසලට තෙමහල් ගොඩනැගිල්ලක් හදලා දෙන්න මම ඉක්මනින්ම කටයුතු කරනවා. ඒකේ පළමු මහළ අපි මේ අවුරුද්දේ හදලා ඉවර කරමු. අපේ නෙරංජන් මන්ත්‍රීතුමත් ඒකට සහයෝගය දෙයි. එතුමාත් ලක්ෂ 10ක් දෙන්න පොරොන්දු වුණා.

අපේ නෙරංජන් මැතිතුමා බොහොම නිවුණු පුද්ගලයෙක්. වැඩ බාර අරගෙන මම ඉස්සරලාම නෙංජන් මන්ත්‍රීතුමාටයි. ආධාර කළේ. අද මේ පාසල බොහොම දුෂ්කර විදියට පටන් අරගත්තත් විදුහල්පතිතුමිය ගමේ අය ගුරුවරු හැමෝම එක්ක එකතුවෙලා ඉහළ තැනකට ගෙනත් තියනවා. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ, වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක ප්‍රේමදාස, මාවතගම ප්‍රාදේශීය සභා සභාපති උපුල් පෙරේරා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනත් මිගොල්ල, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් කුමාරසිංහ, කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත පොඩිනිළමේ, මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා දුමින්දා වෑදණ්ඩ මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා