ස්වාධීන කණ්ඩායම් 10කින් ඇප තැම්පත්

බස්නාහිර-දකුණ සටනට

ස්වාධීන කණ්ඩායම් 10කින් ඇප තැම්පත්

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා ඊයේ (30) වනවිට ස්වාධීන කණ්ඩායම් දහයක් ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් හතරක් ද ගම්පහ සහ

මාතර වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ද කළුතර , ගාල්ල දිස්ත්‍රික්ක සඳහා එක බැගින් ද ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කර තිබෙන අතර ඊයේ වනවිට කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් නාමයෝජනා ලබා දී නොතිබිණි.

පළාත් සභා සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ(30) ආරම්භ වූ අතර එය ලබන 6දා අවසන් කෙරේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා