අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් තෙදිනකට ශ්‍රී ලංකාවට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ

අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් තෙදිනකට ශ්‍රී ලංකාවට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් තෙදින නිල සංචාරයක් සඳහා අද (31) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

 එළඹෙන 2දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇය රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී සංහිඳියාව, වගවීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මේ අතර යාපනයේ සංචාරය කිරීමට නියමිත අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය උතුරු පළාත් සභාවේ නිලධාරීන් සහ සිවිල් සංවිධාන නායකයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බව එම තානාපති කාර්යාලය කියයි.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය එළඹෙන 3දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිත අතර එයින් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළඹෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජිනීවා බලා යාමටත් නියමත බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා