මතින් තොර සමාජයක් බිහි කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

මතින් තොර සමාජයක් බිහි කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරි‍සේන

මතින් තොර සමාජයක් බිහි කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ලබන සතිය තුළ දී පිහිටුවන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ කාර්ය සාධක බළකාය පිහිටුවන බව ද ඇමැතිවරයා පැවැසුවේය.

ලෝක පිළිකා දිනය නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සිදුකෙරේ.

මතින් තොර ජාතික වැඩසටහන රට තුළ ප්‍රචලිත කිරීම සඳහා කරුණු ඇතුළත් පත්‍රිකාවක් පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ඇමැතිවරයා කීය.

මතින් තොර සමාජයක් ගොඩනැඟීම සඳහා ගමක් නගරයක් පාසා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ වසර මතින් තොර සමාජයක් ගොඩනැඟීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් බවත් ඇමැතිවරයා පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා