ගම්පහ කෝටි දෙකේ කොල්ලයේ ප්‍රධාන සැකකරු පුත්තලමේ දී දැලේ

ගම්පහ කෝටි දෙකේ කොල්ලයේ ප්‍රධාන සැකකරු පුත්තලමේ දී දැලේ

ගම්පහ මූල්‍ය ආයතනයකින් ගිය වසරේදී රුපියල් කෝටි දෙකක මුදල් කොල්ල කා සැඟවී සිටි කොල්ල කල්ලියේ ප්‍රධාන සැකකරු ඊයේ (30) දහවල් පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා පවසයි.

සැකකරු හබරාදූව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි විජය ඉන්ද්‍ර කුමාර රාමනායක නමැති පුද්ගල‍ෙයකි.

අදාළ සැකකරු ඇතුළුව සැකකරුවන් 10 දෙනකු මූල්‍ය ආයතනයේ මුදල් කොල්ලයට සම්බන්ධ බව පැවසෙයි. මේ වන විට සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් ප්‍රධාන සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටි බවද රෝහන මහතා පැවැසීය.

ප්‍රධාන සැකකරු සමග සැකකරුවන් හය දෙනකු පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඉතිරි සැකකරුවන් කොටු කර ගැනීමට හා කොල්ලකා ඇති මුදල්වලට කුමක් කළේද යන සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පවත්වන බවද අජිත් රෝහන මහතා ‘දිනමිණ’ට පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා