ටෙලිමේල් හොඳටම ප්‍රමාදයි

ටෙලිමේල් හොඳටම ප්‍රමාදයි

ජනතාව චෝදනා කරති

කඩිනමින් පණිවුඩ හුවමාරු කිරීමේ තාක්ෂණයක් ලෙස හඳුන්වා දී ඇති ටෙලිමේල් ක්‍රමය මගින් පණිවුඩයක් යැවීම සඳහා දින දෙකක් හෝ තුනක් ගත වන බැව් පාරිභෝගික ජනතාව චෝදනා කරති.

ජනතාවට වඩාත් සමීප සාමාන්‍ය තැපෑල සහ ටෙලිග්රෑම් ක්‍රමයට අමතරව පණිවුඩයක් ඉතා කඩිනමින් යැවීම සඳහා ටෙලිමේල් ක්‍රමය හඳුන්වා දී තිබුණ ද එහි කිසිදු කාර්යක්ෂමතාවක් හෝ කඩිනම් බවක් නොමැති බවත් එමගින් ද පණිවුඩයක් යැවීමට අවම වශයෙන් දින දෙකක් හෝ තුනක් ගත වන බවත් ජනතාව පවසති. ඉන් සිදු වන්නේ අධික මුදලක් වැයවීමක් මිස පාරිභෝගික අවශ්‍යතාව ඉටුවීමක් නොවන බව ජනතාවගේ අදහසයි.

සාමාන්‍ය තැපෑල සහ ටෙලිග්රෑම් මගින් පණිවුඩයක් යැවීමට අවම වශයෙන් රුපියල් පහක් වැය වන මුත් ටෙලි මේල් සඳහා අවම ගාස්තුව ලෙස රුපියල් තිහක මුදලක් අය කෙරේ.

සන්නිවේදන තාක්ෂණය දිනෙන් දින දියුණු වෙමින් පවතින යුගයක ජනතාවගේ පහසුව සඳහා හඳුන්වා දී ඇති ටෙලිමේල් තාක්ෂණයේ අකාර්යක්ෂමතාව ගැන අප්‍රසාදය පළ කරන පාරිභෝගික ජනතාව එම ප්‍රමාදය සිදුවන්නේ තැපැල් දෙපාර්තමේන්තුව මගින් ද එසේත් නැතිනම් තාක්ෂණයේ දුර්වලතාවක් ද යන්න සොයා බැලීම කාලෝචිත බැව් ජනතාව පෙන්වා දෙති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා