කොළඹට සැපයෙන නළ ජලයෙන් 48%ක් අපතේ යනවා

ජල කාන්දු හේතුවෙන්

කොළඹට සැපයෙන නළ ජලයෙන් 48%ක් අපතේ යනවා

ජලාපවහන මණ්ඩලය

ජල කාන්දු හේතුවෙන් කොළඹට සැපයෙන නළ ජලයෙන් 48%ක් ම අපතේ යන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් දිනකට කොළඹට සැපයෙන ජලය ඝණ ලීටර් 290,000ක ප්‍රමාණයෙන් ඝණ ලීටර් ලක්ෂයක පමණ ආදායමක් ජල සම්පාදන මණ්ඩලයට අහිමි වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බටහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජෙයරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මෙම ජල කාන්දුවට ප්‍රධානතම හේතුව ඉපැරණි ජල නළ පද්ධතිය බැවින් ඒවා අලුතින් එළීම සඳහා ආසියනු සංවර්ධන බැංකුවේ ආධාර මත ජල නළ එළීමේ කටයුතු දැනට ආරම්භ කර ඇති බවත් කොළඹ නගරයේ පමණක් කිලෝ මීටර් 800ක පමණ නළ පද්ධතියක් අලුතින් එළීමට සිදුවන බවත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා