වේයන්ගොඩ ආහාර ගබඩාවකින් සොයා ගැනේ

ගුල්ලන් ගැසූ සහල් කිලෝ 85000

වේයන්ගොඩ ආහාර ගබඩාවකින් සොයා ගැනේ

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරින් විසින් ඊයේ (30) දින සිදුකළ වැටලීමක දී වේයන්ගොඩ ආහාර ගබඩාවක තිබී කල් ඉකුත්වූ ගුල්ලන් ගැසූ නාඩු සහල් කිලෝ ග්‍රෑම් 85000ක් සොයා ගෙන ඇත. රුපියල් ලක්ෂ පනස් එකක වටිනාකමින් යුත් මෙම සහල් තොගය පෞද්ගලික ව්‍යාපාරිකයකු විසින් කල් ඉකුත්වූ දිනය ඇසුරුම්වල වෙනස්කර ගුල්ලන් ඉවත්කර නැවත නව ඇසුරුම්වල බහා වෙළෙඳ පොළට එවීමට සූදානම් කර තිබියදී සොයාගෙන තිබේ.

පාරිභෝගිකයන් මුලාවට පත් කරමින් පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සොයා දිගින් දිගටම දිවයින පුරා වැටලීම් සිදුකරන ලෙසත් එවැනි කූට ව්‍යාපාරිකයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා