ප්‍රියාන් මධුසංඛගෙන් ශතකයක්

ප්‍රියාන් මධුසංඛගෙන් ශතකයක්

දරණගම මහා විද්‍යාලය සමග පැවැති අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට ඌරාපොළ විද්‍යාලයේ ප්‍රියාන් මධුසංඛ සමත්විය. ඌරාපොළ විදුහල් පිටියේ පැවැති මේ තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට ඌරාපොළ විදුහලට හැකිවිණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඌරාපොළ විදුහල ලකුණු 252ක් රැස් කළේය. එහිදී ප්‍රියාන් මධුසංඛ ලකුණු 142ක් වාර්තා කළේය. පිළිතුරු ලෙස දරණගම විදුහල් කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 117ක් පමණි. විනෝද් මධුරංග හා කවිඳු දිල්හාන් කඩුලු 4 බැගින් දවාගත්හ.

ඌරාපොළ විදුහල් පළමු ඉනිම-252යි. ප්‍රියාන් මධුසංඛ 142, බවන්ත මිල්නුවන් 25

දරණගම විදුහල් පළමු ඉනිම-117යි. රවිදු සිදේස් 44

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා