අනුරාධපුර මහින්ද විදුහලට ක්‍රිකට් ශූරතාවක්

අනුරාධපුර මහින්ද විදුහලට ක්‍රිකට් ශූරතාවක්

අනුරාධපුර ඩී.එස්.සේනානායක විදුහල සමග පැවැති සුහද ක්‍රිකට් තරගයෙන් ජය හිමිකර ගැනීමට මහින්ද විදුහල් කණ්ඩායම සමත්විය.

සුහදත්වය, අවබෝධය, එකමුතුකම, කණ්ඩායම් හැගීම, සමගිය හා ජයග්‍රහණය මෙන්ම පරාජයද විද දරාගන්නා අයුරු පාසල් දරුවන්ට අබෝධ කරදීමේ අරමුණින් සංවිධානය කළ තරගය ඩී.එස්.සේනානායක විදුහල් පිටියේදී උතුරු මැද පළාත් අධ්‍යාපන ඇමැති කේ.එච්.නන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජයග්‍රාහී මහින්ද විදුහල් පිල විදුහල්පති කේ.එච්.කරුණාරත්න මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය-හිදෝගම සමූහ

තරගයේ දක්ෂතම පිතිකරු ලෙස ආදිත්‍ය සදකැලුම් සෙනෙවිරත්න, දක්ෂතම පන්දු යවන්නා ලෙස හත්සක භාතිය, දක්ෂතම පන්දු රකින්නා දිලූක සඳරු හෙට්ටිආරච්චි සම්මාන දිනාගත් අතර ලකුණු 54ක් හා පන්දු යැවීමේදී ලකුණු 23කට කඩුලු 5ක් දවාගත් ආදිත්‍ය සදකැලුම් දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි.

ජයග්‍රාහී මහින්ද විදුහල් කණ්ඩායමට ශූරතා කුසලානය පිරිනැමීම ඩී.එස්.සේනානායක විදුහල්පති අජිත් ප්‍රියන්ත වඩුගේ මහතා අතින් සිදු කෙරිණි. මේ අවස්ථාවට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.අබේසුන්දර, මහින්ද විදුහල්පති කේ.එච්.කරුණාරත්න මහත්වරුන් සමග ගුරු දෙගුරුන් පිරිසක් සහභාගී වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා