සා.පෙළ විභාග දිනවල මධ්‍යස්ථාන අසළ රැස්වීම්-ප්‍රචාරක වැඩ එපා

සා.පෙළ විභාග දිනවල මධ්‍යස්ථාන අසළ රැස්වීම්-ප්‍රචාරක වැඩ එපා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන 09 දින සිට 08 වෙනිදා දක්වා  විභාග මධ්‍යස්ථාන ආසන්නයේ හෝ විභාගයට බාධාවන ලෙස කිසිදු දේශපාලන හෝ වෙනයම් ප්‍රචාරාත්මක හා ප්‍රසංග කටයුතු සිදු‍ නොකරන ලෙසත් ඒ සඳහා කිසිදු අවසර දීමක් පොලිසිය විසින් ලබානොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2400කට ආසන්න ප්‍රමානයක් සඳහා දස දහසක පොලිස් නිළධාරීන් පිරිසක් හා ජංගම ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති අතර මීට අමතරව විභාග ප්‍රශ්ණ පත්‍ර හා පිළිතුරු පත්‍ර එතුකර ඇති මධ්‍යස්ථාන හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා ආයුධ සහිත පොලිස් ආරක්ෂාවක් පොලිසිය විසින් සැපයේ.

විභාගය පැවැත්වීමට දින පහකට කළින් සිට විභාගය අවසන් වන තුරු උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ පැවැත්විම තහනම් බවත් එසේ වැරදි සිදුකරන්නන් අත්අඩංගුවට ගෙන නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා