ලංකා කම්කරු කොංග්‍රසය ජනපතිට සුබ පතයි

ලංකා කම්කරු කොංග්‍රසය ජනපතිට සුබ පතයි

ජනාධිපතිවරණය සඳහා තෙවන වරටත් මුහුණ දීමට සූදානම්ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලංකා කම්කරු කොංග්‍රසය තම සුබ පැතුම් පිරිනමයි.

2015 ජනාධිපතිවරණය සඳහා අද (8) නාම යොජනා භාරදීමට සූදානම්ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (7) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමු වූ ලංකාකම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන්, මුත්තු සිවලිංගම් මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිස මෙලෙස ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් පළ කර සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතා නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වනු දැකීම සිය පක්ෂයේත් වතුකරයේ ජනතාවගේත් අපේක්ෂාව බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කළහ.

ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පළාත් මැති ඇමැතිවරුන්, පළාත් පාලන නියෝජිතයන් ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහතාද මේ අවස්ථාවට සහභාගී විය.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ පාක්ෂිකයන් පිරිසක් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී ඔවුන් ජනාධිපතිවරයා සමඟ පිළිසඳරක නිරතව සිටි අයුරු. ඇමැති අරුමුගම් තොණ්ඩමාන් සහ නියෝජ්‍ය ඇමැති මුත්තු ශිවලිංගම් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - චන්දන පෙරේරා

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා