අත්තිඩියගේ දොන් වැලන්ටයන් මහතා - (විශ්‍රාමලත් වෛද්‍ය කාර්මික සහයක) - නිමල්කා පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ගරු සුරාන් අත්තිඩිය පියතුමා සහ ගරු චලන කලංග පියතුමාගේ දයාබර පියාණන් වූද, නැසීගිය ඒ.ඩී. ක්වින්ටින් මහතාගේද, මාරිස්ටෙලා මහත්මියගේ හා අපෝස්තලික කාර්මෙල් නිකායේ ප්‍රාදේශීය මව්තුමිය වන ගරු මේරි සුනීතා පැවිදි සොයුරියගේ සහෝදරයා වූද, දිළිඳු සොහොයුරියන්ගේ නිකායේ ගරු මේරි ලෙටීෂියා පැවිදි සොයුරියගේ මස්සිනා වූද ඒ.ච්. වැලන්ටයන් මහතා 2014.12.05 දින ස්වර්ගීය සැපත ලැබීය. එතුමාණන්ට සග සුව පතා දෙවිඳුන් යැදීමේ මෙහෙය 2014.12.08 වන දින ප.. 3.30 ට කඳාන සෙබස්තියන් සිද්ධස්ථානයේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම ප.ව. 3.00 ට. 80/1, මීගමුපාර, කඳාන. 223995

පී.පී. ධර්මරත්න මහතා - (විශ්‍රාමලත් - ලේක්හවුස් වැඩ දෙපාර්තමේන්තුව) - නැසීගිය ප්‍රේමා ස්වර්ණකාන්ති හේවාවිතාරණ මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද, ජගත් ධර්මරත්න (ලේක්හවුස්), උදය මංගල ධර්මරත්න යන අයගේ ආදරණීය පියාණන් වූද, මලිකා ධර්මරත්න, මාධවි සිරිවර්ධන (ආර්.ආර්. ඩොනලි) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, තිලානි, සුපුන්, දිනද, රෙසදි යන අයගේ ආදරණීය සීයා වූද, පී.පී. ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2014 දෙසැම්බර් මස 08 වැනි සඳුදා ප.ව. 5.00 ට නියදගල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමංගල පෙරහැර නිවසින් පිටත්වීම සවස 3.30 ට. නො. 57, විදර්ශනා මාවත, ගලවිලවත්ත, හෝමාගම. 224049

මාරසිංහ අමරජීව - රන්මැනිකේ මාරසිංහ යන අයගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, පූර්නි, චමිල් සහ අමිල යන අයගේ ආදරණීය පියාණන් වූද, ලක්කන, වරුණි සහ අරුණි යන අයගේ මාමණ්ඩිය වූද, සෙනිත්, කාලින්ද, දිනු, මිතු, තරුක් සහ සෙනුල් යන අයගේ ආදරණීය සීයා වු මාරසිංහ අමරජීව මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 10.12.2014 දින ප.ව. 3.00 ට සිදු කෙරේ. අලුත්නුවර, ඉඹුල්පෙ, බලන්ගොඩ. 0452287230 224046

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා