යුද්ධය නිම කළ ජනපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලාංකීය සියලු ජනතාව සදා ණය ගැතියි

යුද්ධය නිම කළ ජනපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලාංකීය සියලු ජනතාව සදා ණය ගැතියි

 ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කළ දකුණු පළාත් මාධ්‍ය සම්මන්ත්‍රණය අමතා ප්‍රධාන ඇමැති ශාන් විජේලාල් කියයි

තිස් වසරක කුරීරු යුද්ධය පරාජය කොට රටට සාමය උදා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අප සැම සදා ණය ගැති යැයිද එතුමා විසින් නිදහස් සාමකාමී රටක් උරුම කරදී ඇති අවස්ථාවක පැවැත්වෙන ඉදිරි මැතිවරණයේදී අප ඉතාමත් නිවැරදි දේශපාලන තීන්දුවක් ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත බලයට පත් කළ යුතු යැයිද නැතහොත් අනාගත පරපුර අපට ශාප කරනු ඇතැයිද දකුණු පළාත් ප්‍රධාන ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා නිදහස් ජනමාධ්‍ය සංසදය ඒකාබද්ධව සංවිධානය කළ වත්මන් අවදියේ අප හමුවේ පවතින අභියෝග මැයෙන් ගාල්ල පහළ ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතා ඒ මහතා මේ බව කීය.

ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිසාවල මාධ්‍යවේදින් සිය දෙනෙක් පමණ මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කළ ‘වත්මන් අවදියේ අප හමුවේ පවතින අභියෝග’ මැයෙන් ගාල්ල පහළ ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වූ  දිනමිණ නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ආසිරි මල්ලවාරච්චි, පුත්තලම ප්‍රාදේශීය සභවේ සභාපති නිමල් බමුණුආරච්චි, මඟ නැඟුම අධ්‍යක්ෂ ඩී.ඒ. හේවාපතිරණ, ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වංශනාථ විජේසිංහ, හිටපු මහාධිකරණ විනිසුරු සී වී රාජපක්ෂ, ජනාධිපති මාධ්‍ය උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදි මොහාන් සමරනායක, දකුණු පළාත් ප්‍රධාන ඇමති ශාන් විජේලාල්ද සිල්වා, දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති කුමාර කරවිට යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ අයුරු.

එහිදී තව දුරටත් කතා කළ ශාන් විජේලාල්ද සිල්වා මහතා මෙසේද කීය. අපේ රටේ විවිධ වෘත්තිකයින් අතර මාධ්‍යවේදීන් සුවිශේෂි වෘත්තිකයින් පිරිසක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන වෘත්තිකයින් වන මාධ්‍යවේදින් සමාජ ප්‍රගමනය වෙනුවෙන් එදත් අදත් ඉටුකරන්නාවු සේවය පිළිබද අපේ හදවත් තුළ සදා නොමැකෙන සටහනක් තැන්පත්ව තිෙයනවා. තිස් වසරක් පුරා පැවති යුද්ධය නිම කර රටට සාමය උදාකිරීමේදි රණ විරුවන් කළ මෙහෙවර කිසිදිනක අමතක කරන්න බැහැ.එහිදී සේනාධි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රණවිරුවන්ට නිවැරදි දේශපාලන නායකත්වය ලබා දුන්නා.එමෙන්ම මේ යුද්ධය නිම කිරිමේදී මාධ්‍යවේදීන්ද කළ මෙහෙවර විශාලයි.

එදා මාධ්‍යවේදීන්ද යුද බිමට ගොස් යුද්ධය කළ රණවිරුවන් සමග එක්ව ගතකළ ජිවිතය එම මධ්‍යවේදින්ගේ ජිවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථාන අවස්ථාවක් යයි මා විශ්වාස කරනවා.

අපි දන්නවා යුද්ධයට යන විට තමන්ගෙ ජීවිතය පිළිබද විශ්වාසයක් නැතිව යනව. එසේ ජිවිතය පරදුවට තබා තමයි එදා මාධ්‍යවේදින් පවා රණවිරුවන් සමග යුද බිමට ගියේ. එදා සමාජයේ විශාල මතයක් තිබුණ ලෝකයේ හිටපු ම්ලේච්ඡම ත්‍රස්ත නායකයාවූ වේලුපිල්ලේ ප්‍රභාකරන් කිසි දිනක පරාජය කරන්න බැහැ කියා.නමුත් මේ ත්‍රස්ත නායකයා පරාජය කළ හැකිය කියන මතය ජනතාව අතරට ගෙනයෑමට මාධ්‍යවේදින් දායක වුනා.

ඒ යුතුකම නිසි ලෙස ඉටුකළ මාධ්‍යවේදින්ට අද තවත් බරපතල වගකිමක් පැවරී තියනව. මේ රටට නිදහස ලැබුණ දින සිට බලයට පත්වූ හැම රාජ්‍ය නායකයෙකුටම තමන්ගෙ පාලන කාලය තුළ තමන්ගෙ මාතෘ භූමියට ස්වර්ණමය අවස්ථා උදාකරගැනිමට යම් යම් අවස්ථා ලැබුණ.නමුත් සෑම රාජ්‍ය පාලකයෙක්ම එම ස්වර්ණමය අවස්ථාවලින් ප්‍රයෝජන ගත්තාද කියා සැකයි.වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ස්වර්ණමය අවස්ථා උදාකර ගත්තෙ විශාල කැප කිරීමක් කරල එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණෙ ගිනි ගෙන දැවෙන රටක්.

පළාත් දෙකක සිවිල් පරිපාලනය අඩපනවූ රටක්.2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති තනතුර භාර ගන්නා විට කොළඹ පිහිටි පාර්ලිමේන්තුව සම්මත කළ අණ පනත් ඒ පළාත් දෙකේ ක්‍රියාත්මක කළේ නැහැ.ඒ පළාත් දෙකේ කිසිම රාජ්‍ය ආයතනයක සිංහ කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරිමට පුලුවන් කමක් තිබුණේ නැහැ.ඒ පළාත්වල සිවිල් පරිපාලනයක් තිබුණේ නැහැ.ඒ නිසා තමන්ගෙ රට වෙනුවෙන් සේවය කිරිම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අනිත් රාජ්‍ය නායකයින්ට වඩා සුවිශේෂි කැප කිරිමක් කරන්න සිදුවුනා.එතුමා එසේ ඉටුකළාවු සේවය පිලිබද තීන්දුවක් ගැනිමට වැඩි කල් නොගොස් ජනතාවට වරමක් ලැබෙනව.

ඒ වරම ලැබෙන අවස්ථාවේදී සම්මත සමාජයට අතීතය වර්තමානය සහ අනාගතය පිළිබද යම් පණිවුඩයක් ලබාදීමේදී මාධ්‍යවේදින්ට විශාල වගකීමක් පැවරී තියනව.අපි අපේක්ෂා කරනව එහිදී තම හෘද සාක්කියට එකගව මාධ්‍යවේදීන් තම වගකීම ඉටුකරනු ඇත කියා.

මේ රටේ පමණක් නොව විදේශ රටවල පවා ඉතිහාසය පුරාම මාධ්‍යවේදීන් තම වගකීම ඉටු කළා.වියට්නාම් යුද්ධයේදි අමෙරිකානු හමුදා හෙලු බෝම්බවලින් ගිනිගත් දරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ පලවුනා.ඒවා ඉතා සංවේදී ඡායාරූප. ඒසමගම පසුගිය සුනාමි විපතේදි ගාලු බස් නැවතුම් පොලේ සිටි දරුවන් කිපදෙනෙක් සුනාමියට හසුවි ගසා ගෙන යන අයුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා සුනාමියෙන් අපට අත්කර දුන් කටුක අත්දැකීම් මුලු ලෝකයම දැක්කා.මාධ්‍යවේදීන් ජාත්‍යන්තරයට ඒ පණිවුඩය දුන් නිසා ශ්‍රී ලංකාවට විදේශ ආධාර විශාල වශයෙන් ලැබුණ.

මෙවර ජනපතිවරණයේදි විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වන බව දැන ගන්නා විට මම අම්බලන්ගොඩ ආසනයේ මැතිවරණ ප්‍රචාරක වැඩ පිළිවෙල ආරම්භ කරමින් සිටියෙ.එතුමා පොදු අපේක්ෂකයා ලෙස එන බව දැන ගත් පසු පැයක් ඇතුලත මම අම්බලන්ගොඩ ජනතාවට මගේ දේශපාලන ස්ථාවරය කිවා. මම වැඩියෙන්ම ආදරය කරන්නෙ මෙලොවට බිහි කළ මගේ ආදරනීය අම්මාටයි.නමුත් මම මෙලොවට බිහි කළ අම්මා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනත් මම චන්දය දෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බව අම්බලන්ගොඩ ජනතාවට කිව්වා.

ඒ නිසා මෙවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිළිබද කිසිම සැකයක් නැහැ. අප මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ එම ජයග්‍රහණය විජයග්‍රහනයක් කර ගැනිමටයි.

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වංශනාථ විජේසිංහ මහතා මෙසේ කීය.කොටි ත්‍රස්තවාදය පරාජය කොට රටට සාමය උදාකිරිම පිළිබද විදේශීය ප්‍රතිගාමී බලවේග මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග විශාල වෛරයකින් පසු වෙනවා. පත්කර ගන්නයි.මේ ප්‍රතිගාමින්ගේ දුෂ්ට බලවේග හමුවේ මාධ්‍යවේදින්ට විශාල වගකිමක් පැවරී තියනව.අපේ රටේ වැඩි පිරිසක් සාමාන්‍ය ජනතාවයි.ඔවුන්ට සත්‍යය අවබෝධ කරදී කුමන්ත්‍රණය පරාජය කර ජනතාවගේ උරුමය රැකදීමේ නියමුවෙක්වන්නේ ජනමාධ්‍යවේදියයි.අපි දන්නව ජනමාධ්‍ය වේදින්ට පන්සල සතිපොල මගුල් ගෙදර අවමගුල් ගෙදර ඇතුලු මහජනතාව ගැවසෙන හැම තැනක්ම මාධ්‍යවේදින්ට පොදු තැන් .මේ තැන්වලදි ඔබලාට ජනතාව මුණ ගැසෙනවා.එහිදි ජනතාවගේ හදවත්වලට සමීපවි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිගාමින්ට හසුවි රටට කළ ද්‍රොහිකම හෙලිකිරීමට ඔබට අවස්ථාව ලැබෙනව.

මේ කුමන්ත්‍රණ සියල්ල පරාජය කොට ප්‍රතිගාමිත්වය මුලින් උපුටා දමා නැවත වරක් රටේ ප්‍රගතිශීලි ගමන නව නැම්මකින් ආරම්භ කිරිම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත බලයට පත්කිරීමේදී රට පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදින් එකතුකර පොදු ජනතාව දැනුවත් කිරීමට මෙම වැඩමුලු පවත්වනවා.මේ ගමනේදී ඇතුලතදි මෙන්ම පිටතදිත් බාධා මතුවෙන්න පුලුවන්.ද්‍රෝහින් තව දුරටත් අප සමග ඉන්න පුලුවන්.ඒ සියලු ද්‍රෝහි ව්‍යාපාර පරාජය කර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලාපොරොත්තුවන සමාජ ක්‍රමය තව දුරටත් ගොඩනැගීම සදහා මාධ්‍යවේදීන් ඒකරාශි කර කරුණු පැහැදිලි කිරිම ඉදිරියටත් කරනවා.

ජනාධිපති මාධ්‍ය උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදි මොහාන් සමරනායක මහතා මෙසේ කීය. දේශපාලන තින්දුවක් ගැනීමට සිදුවු විට අපි නිවැරදි තීරනයක් නොගත් අවස්ථාවලදි ජාතියක් වශයෙන් අනර්ථකාරී ප්‍රතිපලවලට මුහුණදි තියනව.ශ්‍රි ලංකාවේ පමණක් නොව වෙන රටවල් සම්බන්ධයෙන් බැලුවත් ඒක තමයි සත්‍යය. අපි තව මාසයකින් දේශපාලන තීන්දුවක් ගන්නෙ දිලිසෙන සටන් පාඨ, ඉටුකරනවාදැයි නොදන්නා පොරොන්දු ආදිය සලකා බලා නොවිය යුතුයි.

2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ නොනිල වෙනම රාජ්‍යයක් එල්ටිටීඊය සතුව තිබුණා.එම රාජ්‍යය නිර්මානයවිමට භූමියක් අවශ්‍යයි.වෙනම ජනගහණයක් පරිපාලන ව්‍යුහයක් මුදල් ක්‍රමයක් සන්නද්ධ බලයක් අවශ්‍යයි.2005 වන විට මේ සියලු දේවල් එල්ටිටිඊ ව්‍යාපාරය සතුව තිබුණ.ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහත්තයාගෙ කාලෙ තමයි කොටි ත්‍රස්තවාදීන් මතු වෙන්නෙ. ජේ ආර් ජයවර්ධන මහත්තයාගෙන් පසුව බලයට පැමිණි ආර් පේමදාස ජනාධිපතිතුමත් කොටි සමග අතිශය මිත්‍රශීලිවි සාම සාකච්චාවලට ගියා.පේමදාස ජනාධිපතිතුමා කොටින්ට සල්ලි දුන්නා.ආයුධ දුන්න. සිමෙන්ති දුන්නා.වෙනත් පහසුකම් දුන්නා.

නමුත් එතුමාට ඒ වෙනුවෙන් ඉතා කදිමට කළගුණ සැලකුවාද කියනවානම් එතුමාගේ සිරුර කෑලි කෑලිවලට කැඩිල යන අන්දමට බෝම්බ පුපුරුවා හැරිය. 1994 එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහවන විට ශ්‍රී ලංකාවෙ විශාල ප්‍රදේශයක කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සන්නද්ධ බලය ගොඩ නගා ගෙන තිබුණ.ජේ ආර් ජයවර්ධන මහත්තයාත් සාමයෙන් ප්‍රශ්නය විසදිමට උත්සාහ කළා.නමුත් නොහැකිවුනා. 83 ජූලි කෝලාහලවලින් පසුව කොළඹදි කොටි ත්‍රස්තයින් සමග සාකච්චා කළා.පසුව තිම්පු නගරයේදි සාකච්චා කළා නමුත් සාර්ථක වුනේ නැහැ.ඊට හේතු වුනේ කුමන හෝ රාජ්‍යයකට එකග විය නොහැකි ඉල්ලීම් කොටි සංවිධානය විසින් ඉල්ලා සිටිමයි.ඒ වන විට කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකිය කියන මතයක් දේශීය සහ විදේශීය වශයෙන් ගොඩනැගි තිබුණ.

ඊටපසු චන්ද්‍රිකා මැතිණිය බලයට පත්වුනා.නමුත් කොටි පරාජය කළ නොහැකිය කියා බටහිර රටවල් ගොඩ නගා තිබූ මතය චන්ද්‍රිකා මැතිනියත් පිළිගත්තා.ඇයත් සාම ව්‍යපාරය පටන් ගත්තා.1995 අප්‍රේල් මාසයේදි සාම සාකච්චා අවසන් වුනා. සාම ප්‍රයත්නය බිද වැටුන නිසා නැවත යුද්ධය පටන් ගත්තා.නමුත් එතුමියගෙත් උත්සාහය අසාර්ථක වුනා. ඊටපසු 2001 දෙසැම්බර් මස 5 වැනි දින පැවති මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ බලයට ආවා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවු පසු කොටින් සමග සාම ගිවිසුමක් අත්සන් කළා.එහි පුදුම ලක්ෂණ තියෙන්නෙ. සාමාන්‍ය යෙන් ලෝකයේ එවැනි ගිවිසුමක් අත්සන් කරන්නෙ ඊට අදාල දෙපාර්ශයම එකට ඉදගෙන.නමුත් ප්‍රභාකරන් එන්නෙ නැතිව එම ගිවිසුමට අත්සන් කර එව්වා.අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාමය හෝ යුද්ධය පිළිබද තීරන ගතහැක්කේ ජනාධිපතිවරයාට පමණයි.නමුත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගිවිසුමට අත්සන් කළා.

ඒ ගිවිසුමෙන් කොටින්ට ප්‍රදේශ ලියා වෙන්කර දුන්නා. වෙනත් පහසුකම් දුන්නා.මේ ගිවිසුමෙන් අපේ ස්වාධීනත්වය කොටින්ට පාවා දුන්නා.මේ ගිවිසුම යටතේ කොටින්ට භූමිය, සන්නද්ධ බලය තර කිරිම, ආයුධ රැස්කිරිම වැනි ප්‍රතිලාභවලට අමතරව මෙතෙක් කොටින්ට නොතිබුණ අන්තර් ජාතික පිළිගැනිම ලැබුණ.මේ ගිවිසුම අත්සන් කර සුලු කාලයකට පසු නෝර්වෙ රජයෙන් ලැබුණ මුදල්වලින් කොටි ලෝකය පුරා සංචාරය කළා.ඔවුන් දකුණු අප්‍රිකාවට ගිය විට එරට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති විසින් මේ පිරිස පිළිගත්තා. මෙන්න මේ පරිසරය යටතේ තමයි 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එන්නෙ.එතුමා ආරම්භයේදි සාකච්චා සදහා කොටින්ට කතා කළා.නමුත් ඊලම් රාජ්‍යයකට අඩු කිසිදෙයකට කොටින් කැමති වුනේ නැහැ.ඒ නිසා සාකච්චා අසාර්ථක වුනා.ඊටපසු කොටි හමුදා නිලධාරින් මරන්න පටන් ගත්තා.මාවිල්ආරු සොරොව්ව වැසුවා.ඊටපසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතිතුමා කොටින්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න තීරනය කළා.ලෝකයේ කවර රටක වුවත් යුද්ධ කිරිමට තීරන ගන්නෙ රාජ්‍ය නායකයා මිස හමුදා නිලධාරින් නොවේ.රටේ මතයක් ගොඩ නැගි තිබුණ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන්න බැරි බවට.යුද්ධ කිරිමේ තීරනය ගෙන ජනාධිපතිතුමා හමුදාව දිරි ගැන්නුවා. ජනතාව ඒකරාශිකළා.

යුද්ධය කරන විට ලෝකයේ බලවත් ජාතින් යුද්ධය නතර කරන්න කීවා.නමුත් එතුමා යුද්ධය නතර කළේ නැහැ. එල්ටීටීඊ ත්‍රස්තවාදින්ට යුද්ධයෙන් මිස වෙනත් භාෂාවකින් කතා කර පලක් නැති බව ලෝකෙ බලසම්පන්න රටවලට ජනාධිපතිතුමා කෙලින්ම කිවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලොව කිසිම බලවේගයකට යට නොවි යුද්ධය මෙහෙයවා රට බේරා ගත්තා.අද අන්තර් ජාතික බලවේග ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් යෝජනාවක් ගෙනවිත් පරික්ෂණයක් කරමින් තියනව.ඊයෙ පෙරේදා පරීක්ෂණ මල්ලෙන් බළලා එළියට පැන්න ගෝලිය වෙළද සංසදයේ නායකයෙක් අල්බයිරා රූපවාහිනී නාලිකාවකට කීවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයෙන් ඉවත්වු පසු අන්තර් ජාතික අධිකරණයට ගෙන යන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එල්ටිටිඊ ත්‍රස්තවාදින් පරාජය කළා.රටේ සාමය උදා කළා.ජීවත්වීමේ අයිතිය තහවුරු කළා.නමුත් බෙදුම්වාදය තවමත් සක්‍රීයයි.බෙදුම්වාදයේ මිත්‍රයින් තමයි මානව හිමිකම් යෝජනා ගේන්නෙ.බෙදුම්වාදයේ මිතුරන් තමයි යුරෝපා සංගමය තහංචි පනවන්නෙ.

ඒ නිසා මේ මොහොතේ අපි වැරදි දේශපාලන තින්දුවක් ගත්තොත් අර වෙනම රාජ්‍යයක් ගන්න බැරිවුන බෙදුම්වාදින්ට වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ පරිසරය නිර්මානය කර දෙනව.අපි උදාකරගත් නිදහස අහිමි කර ගන්නවාද? සමගිය නැති කර ගන්නවාද? එකිනෙකා මරා ගන්නා රටක් නිර්මානය කර ගන්නවාද?මෙන්න මේවා තමයි අද අප හමුවේ ඇති ප්‍රශ්න. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව ඉදිරිපත්වි සිටින්නෙ බෙදුම්වාදින්ගේ මිත්‍රයෙක්. මොහුට බලය ලැබුණොත් කරලියට එන්නෙ බෙදුම්වාදින්.ඒ නිසා මේ තත්වය තේරුම් නොගෙන වැරදි දේශපාලන තින්දුවක් ගත්තොත් මේ රට මහා විනාශයකට පත්විම නොවැලැක්විය හැකිය.ඒ නිසා අප බුද්ධිමත් තිරනයක් ගත යුතුව තියනවා.

පුත්තලම ප්‍රාදේශීය සභවේ සභාපති නිමල් බමුණුආරච්චි මහතා මෙසේ කීය.රටට අවශ්‍ය නිසි ගමන් මාර්ගය සදහා තව දින තිස් හතකින් ගන්න දේශපාලන තීන්දුව හරියට අරගෙන රට ප්‍රතිගාමී බලවේගවලින් බේරාගෙන දකුණු ආසියාවේ ආශ්චාර්ය කරා යන ගමනට අවශ්‍ය සහාය දෙන්න පුලුවන් කණ්ඩායමක් තමයි මාධ්‍යවේදීන් කියන්නේ.හරි හෝ වැරිදි හෝ මාධ්‍යවලින් කියන දෙය ජනතාව පිළිගන්නවා.ඒ නිසා ඔබ ලියන දෙය මේ රටේ ආනාගතය වෙනුවෙන් බලපාන තීරණාත්මක මොහොතකයි අපි අද ගමන් කරමින් ඉන්නේ.

මම පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති වීමට පෙර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මග නැගුම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස පොලොන්නරුව ශාලිකා ශාලවේ නැවතී සේවය කළා.ඒ නිසා මම කියන්න යන්නේ ඉතා වැදගත් තීරණාත්මක කතාවක්.මම මේ කතාව රටට ජනතාවට හෙළි නොකළොත් රටේ අනාගතය තීන්දු කරන දවසේ මම රටට ජනතාවට ද්‍රොහියෙක් වෙනවා.

ඒ නිසා මම මේ කතාව දකුණෙන් පටන් අරගෙන මුලු රටේම කියමින් යාමට තීරණය කළා. වසර තිහක් පුරා මේ රට මිනී කනත්තේ දේශය බවට පත්වී තිබූ යුගයක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බේරාගත් නායකයා ලෙස ඉතිහාසයට එක්වෙන්නේ.මේ රටේ අහිංසක අම්මලා තාත්තලා මාධ්‍යවේදීන් ඇතුලු ඔබ අප සියලුදෙනා නිදහසේ හුස්ම ගන්නේ එතුමා යුද්ධය නිමකොට රටට සාමය උදාකළ නිසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එකට වාඩිවී රාත්‍රී ආප්ප කා තේ බිව් මෛත්‍රීපාල මහත්තයා පසුදින පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂයට ගිහින් මාධ්‍ය සාකච්චාවක් පවත්වා රාජපක්ෂ සහෝදර සමාගම කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුලු එම පවුලේ සහෝදරයින්ට දරුවන්ට මඩ ගහනවා.තමුන්නාන්සේලා භය නැතුව මාධ්‍යවලට ලියන්න රාජපක්ෂ සහෝදර සමාගම කියා ජනාධීපතිතුමාට මඩ ගහන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහෝදරයින් දොලොස්දෙනෙකුගේ සමාගමක් තියනවා.මම පොලොන්නරුවේ ශාලිකා ශාලාවේ කාමරයක නැවතිලා අවුරුදු පහක් සේවය කළා.මේ සහෝදර සමාගමේ ඩඩ්ලි කියන සිරිසේන මහත්තයාගේ සහෝදරයා මහවැලි ගගේ වැලි ගොඩදමා ගග විනාශ කරනවා.මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තව අවුරුදු එකහමාරක් පක්ෂයේ මහලේකම් දිස්ත්‍රික් නායකයා,කැබිනට් ඇමතිවරයෙක් ලෙස හිටියා නම් පොලොන්නරුව හරහා ගලා බහින මහවැලි ගග එහාපැත්තේ තියන කදුරුවෙලින් තමයි මතුවෙන්නේ.ඒ තරමට ගග හාරා වැලි ගොඩදමා ගග විනාශ කරනවා.

ඒ විතරක් නෙවි අද පොලොන්නරුවේ වී මාෆියාවක්,හාල් මාෆියාවක් තියනවා.මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ සහෝදර සමාගම තමයි මේක කරන්නේ.අපිත් ගොවිතැන් කරපු අම්මලා තාත්තලාගේ දරුවෝ නිසා බොහෝ දුකෙන් අහිංසක ගොඩි ජනතාව දිහා බලන් හිටියා.මේ සහෝදර සමාගම තමයි හාල් මිල තීන්දු කරන්නේ.ඒ නිසා මාධ්‍යවේදීන් මහත්වරුන් මේවා රටට හෙළිකරන්න කියා ඉල්ලා සිටිනවා.

මගේ යාලුවෙක් වී සහ හාල් ටිකක් ගන්න ගියා.නමුත් මගේ ඇස්දෙකින් දැක්කා මෛත්‍රීපාල සමාගමේ ඩඩ්ලි සහෝදරයා මගේ මිතුරාට හාල් ටික ගන්න දුන්නේ නැහැ.

ඒ විතරක් නෙවි මගනැගුම ව්‍යාපෘතියට සැපයූ එක් කුට්ටිගලකින් ඩඩ්ලි සහෝදරයා රුපියල් තිහ බැගින් කොමිස් ගැහුව බව මම වගකීමෙන් කියනවා.එහෙම කරපු අය තමයි

අද රාජපක්ෂ සහෝදර සමාගම කියලා ජනාධිපතිතුමාටයි එතුමාගේ සහෝදරයින්ට සහ දරුවන්ට මඩ ගහන්නේ.මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ රටේ කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඉන්න කාලේ කෘෂිකර්මයට මොනවද කළේ.එක වැවක් හැදුවද?ඇළක් කැපුවද?මෛත්‍රීපාල මහත්තයා ඒ කිසිම දෙයක් කළේ නැහැ. මමත් දකුණේ ගාල්ල පරම්පරාවේ කෙනෙක් හැටියටයි හදවතින්ම මේ කතාකරන්නේ.මේ රටේ තිබූ අදුරු යුගය නිමාකොට රටට ආලෝකය උදාකළේ දකුණෙන් බිහිවෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමා බව රහසක් නෙවි.මේ රටේ අහිංසක දුවා දරුවන්ට රටක් නිර්මානය කිරීම සදහා මාධ්‍යවේදීන් හැටියට ඔබත් ඔබේ පෑන හරියට හසුරුවන්න කියා ඉල්ලා සිටිනවා.

හිටපු මහාධිකරණ විනිසුරු සී වී රාජපක්ෂ සහ ජනාධිපති මැතිවරණ ප්‍රචාරක ඒකකයේ දකුණු පළාත් සම්බන්ධීකරන නිළධාරී මාධ්‍යවේදී දිලිප් නිශ්ශංක යන මහත්වරුද මෙම සම්මන්ත්‍රණය අමතා කතාකළහ. දිනමිණ නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ආසිරි මල්ලවාරච්චි ,දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති කුමාර කරවිට මහත්වරුද මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා