ජයග්‍රහණය තහවුරු කිරීමට ජනපති එක්වන ප්‍රධාන රැලි 27ක් ජන හමු 200ක්

ජයග්‍රහණය තහවුරු කිරීමට ජනපති එක්වන ප්‍රධාන රැලි 27ක් ජන හමු 200ක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් ප්‍රධාන ජන රැලි 27ක් ද ජන හමු 200ක් ද සන්ධාන නායකයින් සහභාගී වන ප්‍රධාන රැස්වීම් 160ක් ද ග්‍රාමීය ජන හමු 14200ක් හා ඡන්ද පොළ කේන්ද්‍ර කරගෙන පවත්වන රැස්වීම් 12002ක් පවත්වනු ලබන බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික යෞවන කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඊයේ (07) පෙරවරුවේ දී සහභාගී වෙමිනි.

මෙයින් ජන රැලි 27 සහ ජන හමු 200 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බව සඳහන් කළ අමාත්‍යවරයා හෙට සිට ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරය ආරම්භ කරන බවත් එය තුන් වතාවක් රට පුරා ම සිදු කරන බව ද පැවසීය.

ලබන 12, 13 සහ 14 දිනවල ගෙයින් ගෙට යෑම ආරම්භ කරන බවත් 25, 26, 27 දිනවල එහි දෙවන වටය ක්‍රියාත්මක කරනු ලබන බවත් හෙතෙම සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා