ජනපති උපදෙසින් ගෑස් මිල රු.250කින් බසී

ජනපති උපදෙසින් ගෑස් මිල රු.250කින් බසී

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (06) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහත හෙළන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 2146ක්ව තිබූ මිල රුපියල් 1896ක් ලෙස පහත වැටෙනු ඇත.

2014 ජනවාරි මාසය වනවිට ලෝක වෙළෙඳ පොළෙහි ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 1017 වැනි ඉහළ අගයක්ව තිබූ අතර මේ වනවිට ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 563 දක්වා පහළ වැටී ඇත. 2010න් පසුව ලෝක වෙළෙඳ පොළෙහි ගෑස් මිල මෙතරම් පහත වැටුණු ප්‍රථම අවස්ථාව මෙයයි. 2010 දී ලෝක වෙළෙඳ පොළෙහි ගෑස් මිල ඉහළ ගිය අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් ගෑස් සඳහා වු බදු මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කර ජනතාවට සහන ලබා දුන් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අනුව දිවයින පුරා ඇති කිලෝ 12.5ක් වූ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින්ද, කිලෝ 5ක් වූ සිලින්ඩරයක මිල රුපියල් 100කින්ද, කිලෝ 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 46 කින් පහත හෙලන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා