අද විශේෂ රථවාහන ආරක්ෂක වැඩපිළිවෙළක්

අද විශේෂ රථවාහන ආරක්ෂක වැඩපිළිවෙළක්

කිසිම පෙළපාළියකට අවසර නෑ

ජනාධිපතිරණ නාමයෝජනා බාරගන්නා අද (8) දින රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් නාමයෝජනා බාරගැනීමෙන් පසුව කිසිම ආකාරයේ පෙළපාළි සඳහා අවසර නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අද දින රථවාහන සැලැස්ම හා ආරක්ෂාව සඳහා දෙදහසක පමන පොලිස් නිලධාරීන් පිරිසක් යොදා තිබේ.

ඒ අණුව උදේ 9.00 සිට සවස 2.00 දක්වා වැලිකඩ හන්දිය, ආයුර්වේද වටරවුම හා ආශ්‍රිත කොටාපාර, පාර්ලිමේන්තු මාර්ගය වාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් වාහන ගමන් කළ හැකි අතර දහවල් 12.30 සිට 1.30 දක්වා සම්පූර්ණයෙන්ම වසාදමන බව පොලිසිය පවසයි. නාමයෝජනා බාරදෙන මෙම කාලසීමාවේදී සරන පාර සම්පූර්ණයෙන්ම වසා තැබේ. මෙම කාලසීමාවේදී මේ මාර්ගවල ගමන් කිරීමට අවසර ලබාදෙන්නේ සැහැල්ලු වාහන හා මගී බස් රථ වලට පමණක් වන අතර බර වාහන ගමන්කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ. සිදුවන අපහසුතා මග හැර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා