ජනාධිපතිවරණයට පිළිගත් පක්ෂ 16ක් ස්වාධීන 2ක් ඇප මුදල් තැන්පත් කරති

ජනාධිපතිවරණයට පිළිගත් පක්ෂ 16ක් ස්වාධීන 2ක් ඇප මුදල් තැන්පත් කරති

ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන ‍අපේක්ෂකයන් දෙදෙනකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ජනවාරි 8 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මෙවර ඡන්ද දායකයින් එක්කෝටී පනස් ලක්ෂයක් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයිද ඔවුන් මධ්‍යස්ථාන දොළොස්දාහකදී සිය ඡන්දය භාවිතා කිරීමට නියමිත යැයිද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

අද (8) උදේ 9‍.00 සිට 11.00 දක්වා නාමයෝජනා බාරගන්නා බවද ඒ මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පල්ලෙ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා, ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයේ එම්.බී.තැමිණිමුල්ල මහතා, සමාජවාදී සමානතා පක්ෂය පානි විජේසිරිවර්ධන මහතා, එක්සත් සමාජවාදී පක්ෂය සිරිතුංග ජයසූරිය මහතා, එක්සත් ලංකා මහා සභා පක්ෂය ජයන්ත කුලතුංග මහතා , ශ්‍රී ලංකා ජාතික පෙරමුණ විමල් ගීගනගේ මහතා, එක්සත් සාම පෙරමුණේ අයි.එන්.එම්.මිෂ්ලාර් මහතා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඒ.එස්.ලියනගේ මහතා, නව සමසමාජ පක්ෂය සුන්දරම් මහේන්ද්‍රන් මහතා, ප්‍රජතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය කටුකම්පල අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා, දේශප්‍රේමී ජතික පෙරමුණ රත්නාය ආරච්චිගේ සිරිසේන මහතා, නව සිහළ උරුමය සරත් මනමේන්ද්‍ර මහතා, අපේ ජාතික පෙරමුණ රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ මහතා, ස්වාධීනව අයි.එම්.ඉල්යාස් මහතා අනුරුද්ධ මහතා සහ පොල්ගම්පළ යන මහත්වරු මෙසේ ඇප තැන්පත්කර තිබේ .

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා