ගැමුණුගේ මාධ්‍ය සංදර්ශනය පුස්සක් වෙයි

ගැමුණුගේ මාධ්‍ය සංදර්ශනය පුස්සක් වෙයි

- ජනපති හමුවට බස් කර්මාන්ත නියුක්තිකයන් විශාල පිරිසක්

ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගේ මාධ්‍ය සන්දර්ශන පුස්සක් කරමින් පෞද්ගලික බස් කර්මාන්තයේ යෙදෙන පිරිස සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (06) උදෑසන අති සාර්ථක අයුරින් පැවැත්විණි.

ජනාධිපතිතුමන් මුණගැසීමට තමන් හෝ තම සංගමයේ කිසිවකුත් නොයන බවට පුරසාරම් දොඩමින් විජේරත්න මහතා කළ රංගනයට කදිම පිළිතුරක් දුන් රට පුරා බස් රථ හිමියන්, බස් රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අට දහසකට අධික පිරිසක් ශාලිකා ක්‍රීඩාංගණය එකම හිස් ගොඩක් බවට පත් කර තිබුණහ.

අයවැයෙන් බස් කර්මාන්තයට ලබා දුන් සහනවලට අමතරව පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ඉන්ධන මිල පහත හෙළමින් දැක් වූ සහයෝගයට උපහාර පුද කළ බස් හිමියන් ඇතුළු කණ්ඩායම ප්‍රීතිඝෝෂා කරමින් ජනාධිපතිතුමා පිළිගන්නට සැදී පැහැදී සිටියහ. පෞද්ගලික බස් හිමියන්ට ටයර් සඳහා සහන වවුචර් පත් ලබා දීම, අන්තර් පළාත් බස් රථ කාර්ය මණ්ඩලවලට නිල ඇඳුම් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ රක්ෂණාවරණයක් ලබා දීම, ජාති ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට රක්ෂණාවරණයක් ලබා දීම, රියැදුරු හා කොන්දොස්තර මහතුන් හට ඇගයීම් තිළිණ ප්‍රදානය ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී සිදු කෙරිණි.

පළාත් ප්‍රවාහන ඇමැතිරු සහ සභාපතිවරු මෙන්ම අන්තර් පළාත් මගී ප්‍රවාහන සමාගම් ජනාධිපතිතුමා මෙම කර්මාන්තයට කරන ලද සේවය අගයා උපහාර තිළිණ ප්‍රදානය කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පෞද්ගලික ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා