දෙරණ වාද පිටිය දුරකතන ඇමැතුමට අදාළ සිම්පත රන්ජන්ගේ‍

දෙරණ වාද පිටිය දුරකතන ඇමැතුමට අදාළ සිම්පත රන්ජන්ගේ‍

පොලිස් පරීක්ෂණ හෙළි කරගනී

ඇමැති මහින්දානන්ද අලුත්ගමෙගේ මහතාට පසුගිය 03 වෙනිදා දෙරණ වාද පිටිය රූපවාහිනී වැඩසටහනේදී ලැබුණු අපහාසාත්මක දුරකථන ඇමතුමට අදාළ සිම්පත හිමි පුද්ගලයා වන්නේ රන්ජන් රාමනායක මහතා බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

පසුගියදා පැවැති මේ රූපවාහිනී වැඩසටහනේදී තමාට අපහාසාත්මක ඇමතුමක් ලබාදුන් බවට ඇමැතිවරයා මිරිහාන පොලිසියට පැමිණිළි කර තිබේ. ඒ අනුව මිරිහාන පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණ අනුව මේ රූපවාහිනී වැඩසටහනට රාත්‍රී 11.27ට විනාඩි 04.11ක දුරකථන ඇමතුමක් මාතර සුනිල් නැමැත්තෙකු විසින් ලබා දී තිබුණි.

මේ දුරකථන අංකයට හිමි දුරකථන සමාගමෙන් අදාළ දුරකථන අංකය හිමි පුද්ගලයා පිළිබඳ පොලිසිය කළ විමසීමේදී එය රන්ජන් රාමානායක මහතාගේ බවට අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධව පොලිසිය රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ තවම සිදුකරමින් පවතී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා