මහාචාර්ය තිස්සට අවසන් ගෞරව දක්වන්න ඇවිත් රනිල් ඡන්ද ප්‍රචාරයේ

මහාචාර්ය තිස්සට අවසන් ගෞරව දක්වන්න ඇවිත් රනිල් ඡන්ද ප්‍රචාරයේ

අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ නිවසට පැමිණි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොදු ‍අපේක්ෂකයාට ඡන්දය දෙන්න කියා එහි සිටි අයගෙන් ඉල්ලා සිටියේය.

කොළපාට කමිසයකින් සැරසී ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදෙන අයෙකු මෙන් හදිසියේ ම එම නිවසට පැමිණ කළ මේ ප්‍රකාශය නිසා එහි සිටි අය මවිතයට පත්වූ අතර, හැමදෙනා ම එකිනෙකාගේ මුහුණ බලා ගත්තේය.

තමා බලපොරොත්තු තරම් ප්‍රචාරයක් ‍ෙනාලැබූ නිසා වහා ම වික්‍රමසිංහ මහතා පසුබැස යන අයුරු දන්නට ලැබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා