උතුරු ඊශ්‍රායලයෙන් ආදි මානව හිස් කබලක් හමුවෙයි

උතුරු ඊශ්‍රායලයෙන් ආදි මානව හිස් කබලක් හමුවෙයි

වසර 55000කට පමණ පෙර ජීවත් වූ මානවකුගේ හිස් කබලක් සොයාගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. නියැන්ඩතාල්වරුන්ට සමකාලීනව ජීවත්වූයේ යැයි විශ්වාස කෙරෙන මානවයකුගේ මෙම හිස් කබල සොයාගෙන ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ බටහිර ගලීලයේ ගල් ගෙයක් තුළිණි.මේ ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාත්මක අගය අතින් විශිෂ්ටතාවක් අත්කරගෙන ඇති ස්ථානයක් ලෙස සැලකේ.

මෙය හෝමෝ සේපියන්වරුන් අප්‍රිකාවෙන් ආසියාවට සහ ඉන් අනතුරුව යුරෝපයට සංක්‍රමණය වූ යුගයේ මානව හිස්කබලක් බව විද්‍යාඥයින්ගේ මතයයි.

ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මානව සම්භවය පිළිබඳ ප්‍රධානී මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රින්ජර් පවසන්නේ මෙම හිස් කබල නූතන “මැනොන්ට්” මානවයන්ගේ ආරම්භයේ විසූ තැනැත්තෙක්ගේ හිස්කබලක් විය හැකි බවයි. මේ ප්‍රදේශය තුළින් මානව සම්භවය පිළිබඳ සුවිශේෂ තොරතුරු තවදුරටත් හෙළිකර ගත හැකි වනු ඇතැයි මහාචාර්යවරයා විශ්වාසය පළ කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා