පාසල් සිසුවකු ත්‍රස්තවාදය අගයයි

පාසල් සිසුවකු ත්‍රස්තවාදය අගයයි

අට හැවිරිදි ප්‍රංශ පාසල් සිසුවෙක් ත්‍රස්තවාදය පැසසුමට ලක්කළ බව පාසල් බලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස අනුස්මරණය කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක් පැවති අවස්ථාවේදී ඊට සහභාගි වීම මොහු ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර චාලි හෙබ්ඩෝ සඟරාවේ කාර්ය මණ්ඩලය වෙත ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය තුවක්කුකරුවන්ට “සහෝරත්වයෙන්” සලකන බවද ඔහු කී බව පන්ති භාර ගුරුවරයා පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය 8 හැවිරිදි සිසුවාගෙන් පැය භාගයක් ප්‍රශ්න කර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා