බංග්ලාදේශයේ කම්හලක ගින්නකින් 13ක් මරුට

බංග්ලාදේශයේ කම්හලක ගින්නකින් 13ක් මරුට

බංග්ලාදේශයේ ඩැකා නගරයේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් තුළ පැතිරී ගිය ගින්නකින් මිය ගිය අයගේ මළ සිරුරු 13ක් දැනට සොයාගෙන ඇතැයි එරට බලධාරීහු පවසති. ගින්න හටගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සේවක‍යන් 70 දෙනෙක් පමණ සේවයේ යෙදී සිටි බව වාර්තා වේ.

ගිනි නිවන හමුදාව ගිනි නිවීමේ කටයුතුවල යෙදී සිටින අතර මේ වනවිට ගින්න පාලනය කර ඇතැයි වාර්තා වේ. තවත් සෑහෙන පිරිසක් මිය යන්නට සහ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. බංග්ලාදේශයේ කර්මාන්ත ශාලා තුළ ගිනි හට ගැනීම පිළිබඳව නිරතුරුවම වාර්තා වේ. 2013 දී ඇඟලුම් කර්මාන්තයක් ගිනි ගැනීම හේතුවෙන් සිදු වු අනතුරකින් සේවකයන් 1100ට අධික පිරිසක් මිය ගියහ.

විදේශික සමාගම් විසින් පවත්වාගෙන යන බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවල ආරක්ෂක විධි විධාන ඉතා දුර්වල මට්ටමක පැවතීම මෙයට හේතුව වී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා