අයි.එස්.ත්‍රස්ත ග්‍රහණයේ පැවති බොරතෙල් නිධිය කුර්දි හමුදා අතට

අයි.එස්.ත්‍රස්ත ග්‍රහණයේ පැවති බොරතෙල් නිධිය කුර්දි හමුදා අතට

අයි.එස්.ත්‍රස්තවාදීන් විසින් පසුගිය සෙනසුරාදා අල්ලා ගත් උතුරු ඉරාකයේ කිර්කුක් නගරය ආසන්නයේ පිහිටි කුඩා බොරතෙල් නිධියක් කුර්දි පෙෂ්මර්ගා හමුදාව යළි අත්පත්කර ගෙන තිබේ. කෙසේවෙතත් එහි සේවය කරමින් සිටි සේවකයන්ගේ ඉරණම කුමක්වීද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිළි තොරතුරු ලැබී නැත.

මේ අවට පුපුරණ ද්‍රව්‍ය වළලා ඇත්ද යන්න සොයා බැලීමේ මෙහෙයුම් දැන් සිදුකරන බව කුර්දි හමුදා බලධාරීහු පවසති.ගැටුම් අතරවාරයේදී සිදුවූ හානි පිළිබඳ තොරතුරු අනාවරණය වි නැත.

සටන්වලදී එල්ල වූ ස්නයිපර් ප්‍රහාරයකින් මේජර් ජෙනරාල් හුසේන් මන්සූර් මියගිය බව කුර්දි හමුදා බලධාරීහු පවසති.

පසුගිය ගිම්හානයේ දි අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් උතුරු ඉරාකයේ කුඩා තෙල් බිම් හතරක් අත්පත් කරගෙන ඇත. ඔවුන් සිය මෙහෙයුම් කටයුතු වෙනුවෙන් වැයවෙන මුදල් උපයා ගන්නේ බොරතෙල් සහ ගැසොලීන් ආලෙවි කිරීමෙනි.

කුර්දි හමුදා නැවත අල්ලා ගත් තබ්බාස් තෙල් නිධියේ නිෂ්පාදන ධාරිතාව දිනකට තෙල් බැරල් 15000කි. මේ අතර දකුණු බැග්ඩෑඩ් අවට සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් සාමාන්‍ය වැසියන් හත්දෙනෙක්වත් මිය යන්නට ඇතැයි පොලිසිය පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා