සැන් ෆ්‍රැන්සිස්කෝවේ මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට

සැන් ෆ්‍රැන්සිස්කෝවේ මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට

පසුගිය සෙනසුරාදා සැන් ෆ්‍රැන්සිස්කෝහිදි හමුවූ මිනිස් සිරුරු කොටස් සහිත සූට්කේසයේ සිද්ධියට සම්බන්ධයැයි සැකපිට 59 හැවිරිදි පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

එම මිනීමැරුමට වගකිව යුතු තැනැත්තා මාර්ක් ඇන්ඩ්‍රස් ලෙස පොලිසිය විසින් හඳුනාගෙන තිබෙන බව සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ග්‍රේස් ගැට්පැන්ඩන් පැවසීය.

කෙනෙකුගෙන් ලැබුණ තොරතුරක් මත පොලිසිය සිකුරාදා රාත්‍රියේ සිටම ඔහු සිටි ස්ථානය පිළිබඳ පරීක්ෂාවෙන් සිටි බව වාර්තා වේ.

පොලිස් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර මහජනතාව වෙතින්ද අඛණ්ඩව ‍තොරතුරු ලැබෙමින් තිබෙන බවයි.

ඝාතකයාගේ යැයි සැක කරන පුද්ගලයාගේ ඡායාරූපයක් පොලිසිය පසුගිය සිකුරාදාම නිකුත් කිරීමට පියවර ගත්තේය ඉරා දමා තිබූ ශරීරය පොලිසිය විසින් සැන් ෆ්‍රැන්සිස්කෝවේ මාර්කට් දිස්ත්‍රික්කය යනුවෙන් හඳුන්වන ප්‍රදේශයේදී පසුගිය බදාදා හමු වූ අතර අනෙක් සිරුරු කොටස් අපරාධය සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි කසල බඳුනක තිබී හමුවිය.

සුට්කේසයේ සහ කසල බඳුනේ තිබූ සිරුරු කොටස් මොනවාද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් අනාවරණය කර නැත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා