පාණදුර නගරය මැද කුණු කන්දෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍ය තර්ජන

පාණදුර නගරය මැද කුණු කන්දෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍ය තර්ජන

යෝධ කුණුකන්දක් පාණදුර මුළු නගරයම ගද ගස්සවමින්තිබේ පාණදුර නගරය මැද දුම්රියපොළ අසල නගර සභා ඉඩමේ ගොඩගසා ඇති කුණු කසළටොන් දහස් ගණනක් නරක්වෙමින් තිබෙන නිසා අවට පරිසරය දුෂණය වී තිබේ එම කුණු කන්දෙන් නැ‍ඟෙනන කුණුගඳ මුළුනගරයම වෙලාගෙන ඇත මහජනයා සහ කුඩාදරුවෝද සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටිති.

මෙම කුණුකසළකන්ද දඩාවතේයන සුනඛයන් ගවයන් බළලුන් සහ කොක්කුන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇත මහජන යාට ස්වසන රෝගපීඩා වැළඳීමේ තත්වයක් මෙම කුණුකන්දෙන් මතුවී ඇතත් පාණදුර මහජන සෞඛ්‍ය නිලධාරිවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරීයද නිහඩවී ඇත. පාණදුරේ කුණුකසළ

එකතු කිරීමේ මධ්‍යස්ථානයට පාණදුර නගර සභා බල ප්‍රදේශයෙන් දිනකට කුණුකසළ ටොන් 20ක් පමණ එකතු කෙරේ මෙම කුණුකසළ තොග නගරසභාවේ සේවකයන් නගර සභාවේ වාහන යොදා පිළියන්දල කදිරාන කුණුකසළ මධ්‍යස්ථානයට ප්‍රවාහනය කළද දැන් එම කුණුකසළප්‍රවාහනය කෙරෙන්නේ නැත නගරසභාවේ සේවකයන්ට අතිකාල නොලැබෙන නිසා මේ තත්වය මතුවී ඇතැයි පැවසේ මෙම කුණු කසළ කන්ද ඉවත් කරන ලෙස පාණදුර එක්සත්වෙළෙඳ ‍සංගමයද බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා