බීමතින් යතුරුපැදිය ධාවනය කළාට 10,000ක් දඩ

බීමතින් යතුරුපැදිය ධාවනය කළාට 10,000ක් දඩ

යතුරු පැදියක් බීමතින් ධාවනය කිරීම, පොලිස් සංඥාවලට ද අවනත නොවී ධාවනය කිරීම සහ අපරික්ෂාකාරී අයුරින් ධාවනය කිරිමේ චෝදනාව මත ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබූ පුද්ගලයකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙ‍රේරා මහත්මිය එම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය මාසයකට අත්හිටුවීමට ද නියෝග කළාය.

මේ අතර බීමත්ව යතුරු පැදි ධාවනය කළ තවත් පුද්ගලයන් තිදෙනෙකුට රුපියල් පහළොස් දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරිය එම පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ රියදුරු බලපත්‍ර මාසයකට අත්හිටුවීමට ද නියෝග කළාය. පැමිණිල්ල ගම්පහ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු ඉදිරිපත් කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා