නිවාස අවට ඇති කුණු රොඩු ඉවත් කරන්න ජා ඇළ විශ්‍රාමිකයකුගෙන් නව නිපැයුමක්

නිවාස අවට ඇති කුණු රොඩු ඉවත් කරන්න ජා ඇළ විශ්‍රාමිකයකුගෙන් නව නිපැයුමක්

සුන්දර පරිසරය සුරැකීමට අත හිත දෙන පරිසර කාමියකු පසුගියදා ජා - ඇළ කළඑළිය තොටේවත්ත ප්‍රදේශයේදී හමුවිය. ඔහු නමින් ජී. එම්මෑනුවෙල් කැනීසියස් කොස්තා නම් වෙයි.

“මල්ටි පික” නමින් කාලයට උචිත කුණු රොඩු ඉවත් කරන නව නිපැයුමක් රටට හඳුන්වා දෙන මොහු ශ්‍රී ලංකා රජයේ විදේශ දූත මණ්ඩලවල වසර 9ක් අඛණ්ඩ සේවයක් කළ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ විශ්‍රාම ලත් විගණන නිලධාරියෙකි. කලඑළිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කැනීසියස් කොස්තා ඉන්පසුව තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිලාභියකුද වෙයි.

දෙදරු පියකු වන කොස්තා ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මගින් සුපිරි රටවල් ගණනාවක ලද අත්දැකීම් ගැන අප හා පැවසුවේ ඉමහත් සොම්නසකිනි.

‘මල්ටි පික’ නැමැති මෙම සැහැල්ලු උපකරණය අප රටට හඳුන්වා දෙන එකම ශ්‍රී ලාංකිකයා කැනීසියස් කොස්තා බැව් වාද විවාදයෙන් තොරව හදුන්වා දිය හැකි පුද්ගලයෙකි.

ඔහු පවසන අන්දමට තම ගෙවත්ත - පල්ලිය පන්සල කෝවිල අවට විඩාවෙන් තොරව පරිසරය සුන්දරව තබා ගැනීමට මෙම උපකරණය මගින් කොළ රොඩු කුණු ඉවත් කිරීමට ඉතා පහසු බවය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා